මම මගේ මුළු සිරුරම දන් දුන්නා

  • 14-08-2026

දෙවෙනි  ඉනිමේ  ආක්ෂා දැන් ජනප්‍රිය චිත්‍රපට නිළියක් .ඒ ආක්ෂාට අම්මයි තාත්තයි දීපු  නම තමයි නෙත්මි රොෂෙල් .  ‘කල්පනා’ සහ ‘එදා රෑ’ සිනමා නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට  එන්න සූදානම්න් ඉන්න නෙත්මි එතෙක් ආ ගමන ගැන සතුට වචනවලට හරවන්නෙ ඇයි ?

මම  ක්ෂේත්‍රයට ආව මුල් කාලෙට වඩා අද මට ප්‍රේක්ෂකයන් ආදරේ කරනවා. ඒ නිසා ඒ ආදරේට මමත් එදාටත් වඩා ආදරේ කරනවා.

ජනප්‍රියත්වය පසුපස යමින් සෑම අලුත්  ප්‍රවණතාවක්ම අනුගමනය කරන්න හොද නෑ.මොන විලාසිතාවක් කළත්  තමන්ට ගැළපෙන දේ විතරයි තෝරා ගන්න  ඕනෑ.

අපි හැමෝම දවසක මැරෙනවා .
මියගිය දවසක මගේ ශරීරයෙන් දෙන්න පුළුවන් හැමදේම පරිත්‍යාග කරන්න ලියාපදිංචි වුණා. ඒක පුදුම සතුටක්.