ශේෂාද්‍රි මේ දිනවල ජනප්‍රිය සහ කතා බහට ලක් වෙන චරිතයක් වෙලනේ. ඒ දිනේෂ්ගේ "මල කඩ කඩ" ගීතයේ රූප රචනාවත් එක්ක. මොකද ශේෂාද්‍රී කාලයකට පසුව තමයි මියුසික් වීඩියෝ එකකට එකතු වෙලා තිබුනේ.කොහොම වුනත් කාලයකට පසුව එකතු වුන මේ මියුසික් වීඩියෝව ඉතාමත් ජනප්‍රිය වෙලා තියෙනවා.
දිනේෂ්ගේ මියුසික් වීඩියෝවට ශේෂාද්‍රිවම ගන්න හේතුවක් තිබුනද කියලා පුවත්පත් සාකච්ඡාවකදි ඇයගෙන් ප්‍රශ්නයක් විමසලා තිබුනේ. ඒකට ඇය උත්තර දීලා තිබුනේ මෙන්න මේ විදිහට. "දිනේෂ් මල්ලි මට මුලින් කතා කරලා මියුසික් වීඩියෝ එකක් කරන්න තියෙනවා හැබැයි ඩාන්ස් කරන්න තියෙන්නේ එනවද කියලා අහලා පස්සෙ මට සින්දුවත් එව්වා.
මල්ලි කිව්වා ඉන්දියානු හැඩයක් තියෙන මියුසික් වීඩියෝ එකක් තමයි කරන්නේ කියලා. වැඩේ ප්ලෑන් කරනකොටම මාව ගත්තොත් හොඳයි කියලා එයාට හිතුනලු. ඇත්තම කියන්වා නම් දුව ලැබුනට පස්සේ මට මගේ ඇඟ ගැන ලොකුවට හිතන්න කාලයක් තිබුනේ නැහැ බබාගේ වැඩත් එක්ක.
ඒත් මම මල්ලිට කිව්වා දුව හම්බුනාට පස්සේ මම මහතයිනේ මේකට මාව ගැලපෙයිද කියලත් එතකොට මල්ලි කිව්වා නෑ නෑ මට ඕන ටිකක් මහත කෙනෙක් කියලා. මම ඉතින් එක පයින් කැමති වුනා"




Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
