දිනේෂ් ගමගේගේ අලුත්ම ගීතයනේ "මල කඩ කඩ" කියන්නේ. මේ දිනවල ඉතාමත් ඉහල රසික ප්‍රතිචාරයක් මේ ගීතයට ලැබෙනවා. මේ ගීතයේ රූප රචනාව බලපු ගොඩ දෙනෙක් අහපු ප්‍රශ්නයක් තමයි දිනේෂ් එයාගෙ පෙම්වතිය මේ ගීතයේ රූප රචනාවට එකතු කරගත්තෙ නැත්තේ ඇයි ? කියලා.
දිනේෂ්ගේ පෙම්වතිය ගැන කවුරුත් දන්නවනේ. ඉතින් දිනේෂ් මේ ප්‍රශ්නයට උත්තරයක් දීලා. "ඩිරෙක්ටර් තමයි ශේෂාද්‍රි අක්කවම තෝරගත්තේ.අපි වීඩියෝ එකට කිසිම ඇඟිලි ගැහිල්ලක් කරේ නැහැ.ඩිරෙක්ටර්ට සම්පූර්ණ නිදහස දුන්නා ඉතින් එයාව තෝරගන්න."
ඒ වගේම තමයි දිනේෂ්ගෙන් ඉන්දියාවේ කළාකරුවොත් එක්ක කරපු අළුත් නිර්මාණ කිහිපයක්ම ඉදිරියේදි දැක බලාගන්න පුලුවන් කියලයි ආරංචිය තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ තවත් කළාකරුවෙක් ඉන්දියාවේ රසික සිත් දිනාගන්නයි යන්නේ.






Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
