මහාචාර්ය ඇන්ටන් ජයසූරිය මහතාගේ 19 වැනි ගුණානුස්මරණ උත්සවය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මහාචාර්ය ඇන්ටන් ජයසූරිය මහතාගේ 19 වැනි ගුණානුස්මරණ උත්සවය පසුගිය (07) වැනිදා ගලධාරී හෝටල් පරිශ්‍ර යේදී පැවැත්වුණා. අපනයන කිරීම සහ මෙරට චීන කටු ප්‍රතිකාර සඳහා භාවිත කිරීමට රනින් සැසසූ කටු එළිදැක්වීමද මෙහිදී සිදුවූ අතර මීට සමගාමීව අකුෆන්චර් වෙබ් අඩවිය විවෘත කිරීමද සිදුවිය.

කළුබෝවිල චීනකටු සායනයේ අධ්‍යක්ෂ සහ වෛකල්පිත ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා සංවිධාන කර තිබූ මෙම උත්සවයට සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග, දෙස් විදෙස් චීනකටු මහාචාර්යවරුන්, වෛද්‍යවරුන්, රංගන ශිල්පීන්, ශිල්පිනියන් විශාල පිරිසක්ද මෙම අවස්ථාට එක්ව සිටියහ.

රනින් කරන ලද මුල්ම කටු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට වෛද්‍ය ප්‍රසාද් දේශප්‍රිය මහතා විසින් පිළිගැන්වූ අයුරු ඡායාරූපයෙහි දැක්වේ. වෛද්‍ය ආරියවතී ගමගේ මහත්මිය, හිටපු සංචාරක අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා, සුගත් මද්දුමගේ, සුගත් කොටින්කඩුව, ප්‍රවීණ රංගන ශිල්පිනී සනෝජා බිබිලේ යන මහත්මීහුද ඡායාරූපයෙහි වෙති.