යොහානිට ඩුබා‍යිහි සංගීත ප්‍රදර්ශනයක්

  • 06-10-2021

ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි ද සිල්වා ඩුබායිහි දැන් පැවැත්වෙන එක්ස්පෝ ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා ප්‍රවර්ධන කුටිය සංගීතයෙන් රස ගැන්වීමට සූදානම් බව වාර්තා වනවා. සංචාරක මණ්ඩලය සඳහන් කළේ 'මැණිකේ මගේ හිතේ' ගීතයෙන් ලොවක් වසඟයට ගත් යොහානි ලබන ජනවාරි 3 වැනි දා ඩුබායි එක්ස්පෝ ප්‍රදර්ශනයේ දී ගායනා ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය මේ වනවිට යූ ටියුබ් නාලිකාවේ නැරඹුම්වාර දහතුන්කෝටි අසූඅට ලක්ෂය ඉක්මවා තිබෙනවා.

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් යොහානිට රාජ්‍ය සම්මානයක් පිරිනැමීමට කටයුතු කරන බව ජාතික උරුමය, ග්‍රාමීය කලා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

මේ අතර, ඉන්දියාවේ ඇරයුමක් අනුව එහි ගොස් සිටින යොහානිගේ දෙවන ප්‍රසංගය හයිද්‍රාබාද් නුවර දී ඊයේ පැවැත්වුණා.

ඒ, බොලිවුඩ්පුරයේ සුපිරි තරු ඇතුළු සංගීත ලෝලීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්.

එහි දී යොහානිට ඔවුන්ගෙන් හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයක්.