රූ රැජිනි පුෂ්පිකා සිල්වා මුලු ගෙදරම මල් වලින් පුරවගෙන උපන්දිනය සැමරූ හැටි

  • 05-10-2021

විවාහක රූ රැජිනි පුෂ්පිකා ද සිල්වා මෙනවිය පිළිබඳව අපේ රටේ හැමකෙනෙකුම අතර ගොඩක් කතාබහට ලක් වෙලා තියනවා. රූ රැජින කිරුල ලැබුණු අවස්ථාවේ පටන් ඇය ගැන විවිද කතා පුවත් අසන්නට ලැබුනා. පසුගිය කාලයේත් පුෂ්පිකා ගැන සමාජ මාධ්‍යන් වල විතරක් නොවෙයි රුපවාහිනී ප්‍රවෘත්ති තුලත් කලතබහ වුනා. නමුත් ඉතින් ඒ පලවන සෑම දෙයකටම උත්තර දෙමින් ඇය කියලා තිබුනේ ඒ බොහෝ පුවත් සත්‍ය ඒවා නොවන බවත් මාධ්‍යන් වශයෙන් වගකීම් සහගත ලෙස තවත් කෙනෙකු ගැන පුවත් පලකරන ලෙසත් ඇය ඉල්ලා තිබුනා. ඉතින් ඒ වුනත් ඇයට ගොඩක් ආදරේ කරන පිරිසක් අපේ රටේ සිටිනවා. ඉතින් පසුගිය දිනයට ඇයගේ උපන්දිනය යෙදිලා තිබුණු නිසා ඇය ඒ දිනය ලස්සනට සමරලා තිබුනා. එහිදී ඇය විසින් මෙවැනි දෙයකුත් සටහන් කරලා තිබුනා.

මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ජීවිතය මේ මට ලබාදීම වෙනුවෙන් දෙවියන් වහන්සේටත්, ස්වභාව ධර්මයටත්. ඒ වගේම මා මෙලොවට බිහි කල දෙමව්පියන්ටත් මගේ ජීවිතයේ ලොකුම සතුට සහ මගේ ජීවත්වීමේ හේතුව වන ආදරණීය ටැවොන් පුතුකිටත්, මගේ උපන්දිනය වෙනුවෙන් ඉතා ප්‍රීතියෙන් මට ආශිර්වාද කල මගේ සහෝදර සහෝදරියන්ටත්, මගේ ජීවිතය ශක්තිමත් කරන මගේ පවුලේ සියලු දෙනාටමත් මම ස්තුතිවන්ත වෙනවා. මා වෙනුවෙන් සුභ පැතුම් එකතු කල, ආදරය, කරුණාව, ප්‍රාර්ථනා කල, අලංකාර මල් එවා මා හට සුබ පැතූ, මා වෙනුවෙන් සෙත් පැතූ ඔබ සියලු දෙනාටම හදවතින්ම ස්තුති වන්ත වෙනවා. කියලා ඇය සටහනක් තබලා තිබුනා. විවාහක රූ රැජිනි පුෂ්පිකා ද සිල්වා මහත්මිය, ඔබට සුභ උපන්දිනයක් වේවා.