රූ රැජන වුණ කෙල්ල හුගාක් හොද කෙනෙක්

  • 23-09-2026

"දීපිකා - රන්වීර් ජෝඩුවට ආයෙමත් චූටි දුවෙක්! බොලිවුඩයෙන් එන  අලුත්ම ආරංචියක් තමා ඒ.

ඒ ගැන සමාජ මාධ්‍ය ලෝභ නැතුව තොරතුරු ලියලා තිබුණේ මෙන්න මෙහෙමයි.

​ලෝකය පුරා ඉන්න මිලියන ගණනකගේ ආදරය දිනාගත් දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං යුවළගේ ආදරණීය පවුලට අලුත් පුංචි පැටියෙක් එකතු වෙලා තියෙනවා!  

​​2018දී විවාහ වුණු මේ දෙන්නට, 2024 සැප්තැම්බර් 8 වැනිදා 'දුආ' කියන ලස්සන දියණිය ලැබුණු බව ඔයාලට මතක ඇති නේද?  

​ඔන්න දැන් ඔවුන්ගේ දෙවැනි දියණියත් මෙලොව එළිය දැකලා තියෙනවා!  

​දීපිකා සහ රන්වීර් තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා විශේෂ සටහනක් තබමින් තමයි මේ සුබ ආරංචිය මුළු ලෝකයටම දැනුම් දුන්නේ.  

​දැන් දුආ පැටියාට තවත් ආදරණීය චූටි නංගි කෙනෙක් ඉන්නවා! දුවලා දෙන්නෙක්ගේ ආදරණීය අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් වුණු දීපිකාටයි රන්වීර්ටයි සෝෂල් මීඩියා පුරා සුබපැතුම් ගලාගෙන එනවා.