ලෝකයේම අවධානය දිනාගත් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග මේ වනවිට ගායකයෙකු ලෙස කලා ක්ෂේත්‍රයට එක්ව ඇත. ඔහුගේ කුළුඳුල් ගීතය මීට දින කිහිපයකට පෙර නිකුත් කළ අතර, ඒ පපු තුරුලට වී.. නමිනි. වර්තමානය වනවිට ලසිත් මාලිංග ගයන මේ ගීතයට ඉහළ රසික ප්‍රතිචාරද හිමිව තිබෙන අතර, සමාජ මාධ්‍ය්‍යන් තුළ අතිශය ජනප්‍රිය ගීතයක් බවටද පත්ව ඇත.
පපු තුරුලට වී.. ගීතය ලසිත් මාලිංග විසින්ම පද රචනා කොට තිබීම විශේෂත්වයකි. මෙහි සංගීතය අංජන පෙරේරාගෙනි. ගීත රූපරචනාව මාලිංග ප්‍රඩක්ෂන් ආයතන මඟින් සිදු කර ඇත. එමෙන්ම මෙහි ලසිත් මාලිංග සමගින් ඔහුගේ බිරිඳ රංගනයෙන් දායක වෙයි.
මාලිංග මේ වන විට ගීත බොහෝමයක් පද රචනා කොට ඇති අතර, ඉන් මංගල ඩෙනෙක්ස් ගයන මව්කිරි, දමිත් අසංක ගයන පළමු පඩිය, ආදිත්‍යා වැලිවත්ත හා කසුන් වික්‍රමසිංහ ගායනා කළ අඳුරට සඳ නුඹ, පියත් රාජපක්ෂ ගයන නුඹටත් ඇයි බැරි, ෆැලන් ඇන්ඩ්‍රියා ගයන මගේ හිත ඔබ ගැන බොහෝ සෙයින් ජනප්‍රිය විය. මාලිංග ගායනා කරන මෙම අලුත්ම ගීතය වූ පපු තුරුලට වී.. මේ වනවිට ලසිත්ගේ ලසිත් මාලිංග මියුසික් ප්ලස් යූ ටියුබ් චැනලය හරහා ඔබට රසවිඳිය හැකිය.
බුද්ධික සේනාධීර




Trending News
Events
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
ලස්සනම Birthday photo shoot එක ශලනිගෙන්
- 19-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
