ලස්සන ලෝකේ ගීතයත් එක්ක ජනප්‍රිය වුණ පවනි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමානයේ දකින නවක ගායන ශිල්පිණියන් අතරේ සුවිශේෂි තැනක් පවනි පෙරේරාට හිමිවේ. දැනට ගීත කිහිපයක්ම ගායනා කර ඇති ඇය පසුගියදා ලස්සන ලෝකේ නමින් අලුත්ම ගීතයක්ද නිකුත් කරනු ලැබුවා. මේ නිසාම අප පවනිට ඒ අලුත් ගීතය ගැන තොරතුරු අහන්න කතා කළා.

ලස්සන ලෝකේ කියන්නේ පවනිගේ අලුත්ම ගීතය..

මෑතකදි නිකුත් කළ දුම්බර මැණිකා.. ගීතයට හොඳ ප්‍රතිචාර ගොඩක් ලැබුණා. ඉතින් දුම්බර මැණිකා.. හරහා මාව අඳුනගත්ත M entertainment ආයතනයෙන් මට තවත් cover song එකක් කරන්න ආරාධනාවක් කළා. ඒ විදිහට තමයි ලස්සන ලෝකයේ.. ගීතය මම තෝරගෙන ගායනා කළේ.

මෑත කාළේ පවනී කවර් ගීතවලට වැඩිපුර දායක වුණා නේද..

දුම්බර මැණිකා female cover එකෙන් පස්සේ cover songs කරන්න ගොඩක් අය මට කතා කළා. ඇත්තටම මම ගායනා කළ පළමු cover song එක හුස්මක් තරමට ගීතය. ඒක දිවිතුරා teledrama එකේ කාව්‍යාගේ character එක වෙනුවෙන් ගායනා කරපු එකක්.

තමන්ගේම ගීත කියන්නේ නැතුව කවර් කරන්නේ අද තියෙන රැල්ල නිසාද..

මම දැනට ගායනා කරපු හැම cover song එකක්ම මට ආරාධනා ලැබිලා ගායනා කරපු ඒවා. හැබැයි මම හිතන විදිහට original ගීතයට හානියක් වෙන්නේ නැති විදිහට කෙනෙක් කරන cover song එකකින් original ගීතයට අලුත් ලස්සනක් දෙනවා වගේම original එකත් තව hit වෙනවා.

කවර් සෝන්ග් ගයද්දි ඔබ තෝරා බේරා ගැනීමක් සිදු කරනවාද..

ගොඩක් වෙලාවට මගේ කටහඬට ගැලපෙනවා නම් recording එකේදි වගේම live sing කරන්නත් පුළුවන් නම් මම ඕනම cover song ගායනා කරනවා.

ලස්සන ලෝකේ ගීතයෙන් පස්සේ පවනිගේ අලුත් වැඩ මොනවද..

මට දැනට මගේම ගීත තුනක් තියෙනවා. ටෙලි නාට්‍යය තේමා ගීත එක්ක ගත්තොත් මම හිතන්නේ ගීත දහයකට ආසන්න ප්‍රමාණයක් ගීත ගායනා කරලා තියෙනවා. ගොඩක් ආසාවෙන් ඉන්නේ තවත් මගේම ගීතයක් ඒ ගීත ගොඩට එකතු කර ගන්න. ඉක්මනින්ම ලස්සන ගීතයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න මේ දවස්වල වැඩ කටයුතු කරන ගමන් ඉන්නේ.

බුද්ධික සේනාධීර