සීතාදේවීයට පණදෙන සායි පල්ලවී නොහඬා හඬයි

  • 25-07-2026

සායි පල්ලවී  කියන්නේ ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකයේම ආදරය දිනාගත් නිළියක් .උපතින්ම ලැබුණු රෝසපාට දෙකොපුල් නිසා කවදාවත්  Make up නොකරන සායි කියන්නෙ හොද අධ්‍යාපනයක් ලබපු වෛද්‍යවරියක් .

ඉතින් හුගාක් චරිත ඔස්සේ රසිකයින් අතරට ගිය සායි රාමායණයේ සීතා දේවියගේ චරිතයට පණ පොවන්න තරම් වාසනාවන්ත වුණා.

ඒ ගැන වගේම රාමායණය ගැනත් මාධ්‍ය වාර්තා පළවුණේ මෙහෙමයි.


" ඔතින් නිටේෂ් තිවාරි (Nitesh Tiwari) අධ්‍යක්ෂණය කරන ඉන්දියානු සිනමාවේ අතිශය දැවැන්ත නිර්මාණයක් වන 'රාමායණ' (Ramayana) සිනමාපටයේ 
ප්‍රචාරක පටය එළිදැක්වීමේ පූර්ව උත්සවය පසුගියදා නවදිල්ලියේ 'භාරත් මණ්ඩපම්' හිදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.

රන්බීර් කපූර්, සායි පල්ලවී සහ යෂ් ඇතුළු ප්‍රධාන පෙළේ නළු නිළියන් රැසක් සහභාගී වූ මෙම අභිමානවත් අවස්ථාවේදී, සීතා දේවියගේ චරිතය නිරූපණය කිරීම පිළිබඳව ජනප්‍රිය රංගන ශිල්පිනී සායි පල්ලවී දැක්වූ අදහස් මේ වන විට අන්තර්ජාලය තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.

 සායි පල්ලවී මෙහිදී සංවේදී හැඟුම්බර ප්‍රකාශයක් කළා.

"දෙවඟනකගේ චරිතයක් නිරූපණය කිරීම ලෙහෙසි පහසු නැහැ. සීතා දේවියගේ චරිතය මට හිමිවීම මම තෝරාගත් දෙයකට වඩා, මට ලැබුණු මහත් ආශීර්වාදයක් ලෙසයි සලකන්නේ."

තම චරිතයට පිවිසීමට පෙර ඇය භාවනා කරමින් සීතා දේවියගෙන් ආත්මීය ආශීර්වාදය ඉල්ලා සිටි බවද ඇය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

ප්‍රධාන නළු නිළියන්

රාම්: රන්බීර් කපූර් (Ranbir Kapoor)
සීතා: සායි පල්ලවී (Sai Pallavi)
රාවණ: යෂ් (Yash)

නිල ට්‍රේලරය එළිදැක්වීම:ජූලි 24 වන දින
පළමු කොටස තිරගත වීම:2026 නොවැම්බර් 8 වන දින (දීපාවලි උත්සවයට සමගාමීව)

අන්න එහෙම තමයි රාමායණය ගැන විස්තර සඳහන් වෙන්නේ