ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලාංකිකයින්ට විඳගන්න ලැබුණ ඒ අත්දැකීම මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංගීතය, මිනිසුන් මුසපත් කරන තවත් එක් රසවත් මාධ්‍යයක්. විදෙස් රටක ඉන්න ශ්‍රී ලාංකිකයින්ට අපේ රටේ රස මිහිරි විදින්න පුළුවන් සංගීත රාත්‍රියකට එක්වෙන්න ලැබෙනවා කියන්නේ. ඇත්තෙන්ම ඒ අත්දැකීම ඔවුන්ට ගොඩක් වටිනවා.. මේ කියන්න යන්නේ අන්න ඒ වගේ වසර ගණනාවකින් උදා වෙච්ච අවස්ථාවක් ගැන කතාවක්. පසුගිය මාර්තු 02වෙනිදා ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස දැවැන්ත සංගීත රාත්‍රියක් පවත්වනු ලැබුවා.

70 දශකයේ සිට ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මේ සංගීත සැඳෑවට එක්වූ බවයි වාර්තා වෙන්නේ. Gloaming Dinner Dance ලෙස නම් කෙරුණු මේ ප්‍රසංගයට යූරෝපයේ ලාංකීය Rock stars ලෙස හඳුන්වන ගායන ශිල්පී චිත්‍රාල් සෝමපාලද එක්වුණා. එසේම මේ විශේෂ අවස්තාවේදී තවත් චරිතයක් ස්වීට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ නොමද ආදරය දිනාගත්තා.

 ඒ J.A. මිල්ටන් පෙරේරා පුත් පියුෂාන් පෙරේරායි.. ඔහුත් මේ රාත්‍රියේදී ලාංකිකයන්ගේ රසවින්දනය වෙනුවෙන් පරම්පරාවෙන් ලද කලා හැකියාවන් නොමදව පෙන්වූවා.. ඒ වගේම මෙම ප්‍රසංගය පුරාවට සංගීත රසය නොඅඩුව ලබා දුන්නේ  ඉතාලියේ සිට පැමිණි WAVES සංගීත කණ්ඩායම විසින්. ඉතින් කාලෙකට පස්සේ විඳගන්න ලැබුණ ඒ අත්දැකීම ඇත්තටම ප්‍රේක්ෂකාගාරයට ආදරයෙන් වැළඳගෙන තිබුණේ මෙන්න මෙහෙමයි.