ජමුනා රාණී කියන්නෙ ලාංකික සිනමාවට අමරණීය ගී රැසක් දායාද කළ අසහාය ගායිකාවක් .ඉතින් ඇය සමුඅරන්.
ශ්‍රී ලාංකීය සිනමා ප්‍රේක්ෂකයන්ගේ සහ සංගීතලෝලින්ගේ සිත් සතන් දශක ගණනාවක් පුරා සිය සුමධුර ස්වරයෙන් පිනවූ, ඉන්දීය ප්‍රවීණ පසුබිම් ගායනවේදිනී ජමුනා රාණී
1950 දශකයේ ලාංකීය සිංහල සිනමාවේ ආරම්භක ස්වර්ණමය යුගයේදී සිනමා පට රැසක ප්‍රධාන නිළියන් වෙනුවෙන් පසුබිම් ගීත ගායනා කරමින් දැක්වූ දායකත්වය ශ්‍රී ලාංකීය සංගීත වංශකථාවේ සුවිශේෂී රන් අකුරින් සටහන් වන්නක් බව සත්‍යයක් . දමිළ සහ තෙළිඟු සිනමාව ජයගත් ඇය, භාෂාමය බාධක පසෙකලා සිංහල ගීත ක්ෂේත්‍රය තුළ තැබූ මුද්‍රාව සැබැවින්ම සදාතනිකයි.
ඇයගේ අනන්‍ය හඬින් පණ ලැබූ “ප්‍රේමා ලෝකය නිවී ගියා”, “සුදෝ සුදෝ එන්න සුදෝ”, “මනරම් රැගුමන්” සහ “ජීවිතේ රස විඳලා” වැනි අතිශය ජනප්‍රිය වූ ගීත රැසක් අදටත් ශ්‍රී ලාංකිකයන් අතර නොමියෙන මතකයන් ලෙස රැව්පිළිරැව් දෙයි.
Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026

