හැමදාම පෙම්වතියක් වෙන්න මට බෑ
පියත්ගෙන් බලපෑමක් නැහැ… මගේ ලිමිට් මම දන්නවා ......
ගමේ හොඳම ලේලි ගැන ලියපු සින්දුවේ music video එකට තෝරාගත්ත කෙල්ල ඇත්තටම ඇත්ත ජීවිතයේ එයාගෙ පෙම්වතිය වුණා.....
ඇඟේ හැඩය නිසා අමුතුම විදිහකට මාකට් වෙච්ච එයා සඳනි ප්‍රනාන්දු .
“මාව පහුකරගෙන කවුරු ගියත් මට ඒකේ වගක් නැහැ… මගේ ගමන මම පාඩුවේ යනවා…”
ජාතික රූපවාහිනියේ අවුරුදු කුමාරි තරගයෙන් දෙවැනි ස්ථානය දිනාගෙන තමා ඇය ක්ෂේත්‍රයට ආවෙ. අරුණ ජයවර්ධනගේ 1970 Love Story සිනමා නිර්මාණය ඔස්සේ සිනමාවට පිවිසි සඳනි මේ වෙද්දී තරුවක්.
1970 Love Story තිරගත වීමටත් පෙර ටෙලිනාට්‍ය සහ වෙළෙඳ දැන්වීම් සඳහා මට ආරාධනා ලැබුණා. පසුව ගමේ ලස්සනම ලේලි මියුසික් වීඩියෝවෙනුත් මෑතකදී අවසන් වූ විසේකාරි ටෙලිනාට්‍යයෙනුත් හුගාක් අය මාව දැනගත්තා .
මේ වෙද්දී දෙවැනි සිනමා නිර්මාණය වන ‘නම්බර් ප්ලේට්’ සඳහා ගිවිසුම් අත්සන් කර අවසන්. සද්ධාමංගල සූරියබණ්ඩාරගේ තිර රචනයෙන් සහ ඔහුගේ පුත් ඉඳුවර සූරියබණ්ඩාරගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන මෙම චිත්‍රපටය ක්‍රයිම්, ත්‍රිලර් සහ ඩිටෙක්ටිව් සිදුවීම් රැගත් නිර්මාණයක්.
ඇත්තටම මම ටාර්ගට් එකක් තියාගෙන ක්ෂේත්‍රය ට ආපු කෙනෙක් නෙවෙයි…
මම තැනක් ගැන ටාර්ගට් කරලා තිබුණේ නැහැ. අහවල් තැනට යනවා කියන හීනයක හිටියෙත් නැහැ. සෙසු නිළියන්ව පහුකරගෙන යන්න, රේස් එකක් දුවන්න මට කවදාවත් ඕනෑකමක් තිබුණේ නැහැ. මම මගේ ගමන මගේ පාඩුවේ බොහොම හෙමින් යනවා.
මාව පහුකරගෙන කවුරු ගියත් මට ඒකේ වගක් නැහැ. මගේ ගමන මම පාඩුවේ යනවා. ප්‍රේක්ෂකයන්ගේ ආදරය තුළින් මම අත්දකිනවා මගේ ගමන සාර්ථකයි කියලා.
හැමදාම පෙම්වතිය වෙන්න මම කැමැති නැහැ…
හැමදාමත් පෙම්වතිය හෝ ශුද්ධවන්තියට රඟපාලා එකම තැනකට කොටුවෙන්න මම කැමැති නැහැ. නපුරු චරිත වුණත් මම භාරගන්නවා.
මගේ ලිමිට් එක මම දන්නවා
අපි හැමෝටම යම් සීමාවන් තිබිය යුතුයි. ඒ සීමාවන් අප ඇතිකර ගන්නේ අපේ පරිස්සමට, අපිව සහ අපේ හොඳ නම රැකගන්න ඕනේ නිසා. මොන වගේ නිර්මාණයක් වුණත් ඒ සීමාව තුළ රිජෙක්ට් වෙන එක සාමාන්‍ය දෙයක්.
පියත් මට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. මගේ සීමාව මම දන්න බව ඔහු දන්න නිසා මට නීති දාන්න ඔහුට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දෙන්නා බොහොම හොඳින් අපිව තේරුම් අරගෙන ඉන්නවා.
“මට ඩිසපොයින්ට් වෙන්න කාලයක් ආවේ නැහැ කිව්වොත් ඒ උත්තරය හරි. අරුණ ජයවර්ධන වගේ ප්‍රවීණයකුගේ චිත්‍රපටයක රඟපාන්න ලැබීමත් එක්ක මට ටෙලිනාට්‍යවලට වගේම කොමර්ෂල්වලටත් අවස්ථා ලැබුණා.
පසුතැවීම් නැත්තෙම නැහැ. ඒත් අපි යමක් මගහරින්නේ තවත් යමක් ලබාගන්නනේ. ඒ නිසා ඒ සමහර අහිමිවීම් ගැන දුක් නොවී අපට ලැබෙන දේ දිහා බලලා සතුටු වෙන්න පුළුවන්.


