ආයෙත් තනිකඩ වෙන්න හේතු දෙන්නම හංඟයි

  • 18-05-2026

සනත් ගුණතිලක මනමාලයෙක් වුණේ ගිය අවුරුද්දෙ නිළි රැජනයැයි අභිෂේක ලද මාලිනී ෆොන්සේකාගේ අවසන් කටයුතු සිදු වෙමින් පැවති දවස්වල..ප්‍රේම සබඳතා රැසක හිමිකරුවෙක් වෙච්ච සනත් වියපත් වෙනකම්ම බලාගෙන හිටියා තනිකඩ ජීවිතයට සමුදෙන්න.
ලයිකා production  උප සභාපතිනි ජානකී විජේරත්න එක්ක සනත් ප්‍රේමෙක පැටලුණේ ලයිකා ලංකාවෙ  film production  වෙනුවෙන් film පටන් අරගෙන shooting  යද්දි .

අන්තිමට සනත්ට shooting  නැති කාලෙත් සනත් ජානකී එක්ක ලයිකා shooting location  වල.

උත්සව මොකුත් නෑ දෙන්නා කසාද බැන්දා.ඒ වෙද්දි ත් ජානකී විජේරත්න එක්දරු මවක්.ජානකී විජේරත්න කියන්නෙ කවුද කියලා දන්න අය දන්න නිසා අපි එයා ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.
මේ ළඟඳි දවසක සනත් Film premiere  එකකට ආවා.සනත්ගෙ mood පට්ට අවුල්. එයා ඒ අවුල් mood එකෙන්ම නළුවෙක් සිප වැළද ගනිද්දි ඒ නළුවා හරිම මානුෂික විදිහට සනත් එක්ක සනත්ගෙ දුක share කරගන්න video  එකක් social media  වල දැන් share වෙවී යනවා.

දික්කසාද කසුකුසුවක් එන්නත් කලින් ඉඳලම මෑත කාලයේ ඉඳන් ජානකී සහ සනත් film premiere  වගේ උත්සවවලට ආවෙ ගියේ තනි තනියෙන්.හැබැයි දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒ ගැන කොහෙදිවත් විවෘතව කතා කළේ නම් නෑ.

එක එක කතා හුගාක් ඇහෙනවා.හැබැයි ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් දික්කසාදය ට හේතු වෙච්ච ඇත්ත කතාව ගැනනම් තාම කතා කළේ නෑ.

කතා කරන්න ලෑස්ති ත් නෑ.
හැබැයි විවාහවෙලා සනත් හිටියෙ ජානකී ගෙදර.මොකද විවාහයට පෙර සනත් නැවතිලා හිටියෙ එයාගෙ කිට්ටුවන්ත මිත්‍රයෙක් ගෙ ගෙදරක.ඒ දවස්වල සනත් කීවෙ තරුණ කාලෙ තනිකඩව හිටියට දැන් ජීවිතයට කෙනෙක් ලැබුනු එක ලොකු ශක්තියක් රැකවරණයක් කියලා.එහෙම කීවට සනත්  මඟුල රැකගන්න කියන තරම් මහන්සියක් ගත්තෙ නෑ කියලත් සමහරු කියනවා...
මොනවා වුණත් අපිනම් ප්‍රාර්ථනා කරන්නෙ දෙන්නටම තමන් හොයන ජීවිතය ලැබිලා සැනසිල්ලෙන් ඉන්න ලැබෙන්න කියලා.