කෝටි ගාණක දෑවැද්දක් මම එපා කීවා

  • 31-08-2026

සුනීර සුමංග කියන්නේ එයාගේ කටහඬින් මුළු ලෝකයක්ම වශී කරගත්ත ගායකයෙක්.Derana Dream star තරඟයට එකතු වෙච්ච වෙලාවේ  මේ තරම් තරුවක් විදිහට ගමනක් යන්න පුළුවන් වෙයි කියලා සමහරවිට සුනීරත් හිතන්න නැතුව ඇති.ඒ කාලෙ එයාට විවාහ යෝජනාවක් ආවා කෝටි ගානක දේපලක් තියෙන තරුණියකගෙන්.ඒත් එයා ඒක ප්‍රතික්ෂේප කළේ  එයාට කිසිම දෙයක් නැතුව ජීවිතේ අමාරුම කාලයක් ගෙවද්දි  එයත් එක්ක හිටිය පෙම්වතියට තියෙන ආදරය නිසා.එයා විවාහ වුනෙත් ඒ පෙම්වතිය සමඟමයි.

ඒ කටහඬට වගේම ඒ අවංකකමට සහ මනුස්සකමට ඇත්තටම අපි රෙස්පෙක්ට්.

ඉස්සර කට්ටිය කියනවනේ පාඩම් කරද්දි චොකලට් කනවා කියලා.මමත් අම්මගෙන් චොකලර් කිල්ලුවා ඒලෙවල් විභාගයට පාඩම් කරන කාලයේ.ඒ කාලෙ අපේ ගෙදර ආර්ථික ප්‍රශ්න ගොඩක් තිබුණා.ඒ නිසා චොක්ලට් ගන්න සල්ලි තිබුනේ නෑ.ඒත් අම්මා මට කටුකොළ බන්ඩ්ල් එකකුයිි රුපියල් හාරදාහක විතර චොක්ලට් ගොඩකුයි ගෙනත් තිබුණා.

මම පස්සේ දැක්කා අම්මගේ කනේ කරාඹු දෙක නෑ.මම අම්මගෙන් ඇහුව කෝ කරාඹු දෙක කියලා. මගේ අම්මා ඒ දෙක විකුණලා තමා මට චොක්ලට් ගෙනත් තියෙන්නෙ.
මට dream star තරගයෙන් දිනුවම ලක්ෂ දහයක තෑග්ගක් හම්බ වුණා.මට මාර ආසාවක් තිබුණා  සන්ග්ලාස් දෙකක් ගන්න.මම රුපියල් පනස්දාහක් මට තියාගෙන ඉතුරු ලක්ෂ නවය හමාරම අම්ම අතට දුන්න ගෙදර ප්‍රශ්න විසඳගන්න කියලා.අම්මා ගෙදර ප්‍රශ්න සෑහෙන්න ඒකෙන් විසඳගත්තා.එයාලා ප්‍රශ්නවල තියලා මට සැප විඳින්න බෑ.හම්බවෙන සල්ලි වලින් ඒ අයගේ දේ එක මගේ දේ දෙක.....
අද කොතන හිටියත් දුප්පත්කමේ උපරිමයෙන්  දුක් වින්ද කාලය මට කවදාවත් අමතක නෑ


කටහඬ වගේම හදවතක් ලස්සන මුල අමතක නොකරපු ගායකයෙක්......
එහෙම එවුන් ගොඩාක් අඩුහින්දා උන් ඇත්තටම රත්තරන්