කොන්ද කෙළින් තියාගෙන චාමික කරුණාරත්නට DNA එකට හා කියන්න බැරි ඇයි ?

  • 07-08-2026

මෙච්චර උපත්පාලන ක්‍රම තියෙද්දී ළමයක් හදන්නේ නැතුව Sex කරන්න තිබුණනේ......දරුවෙක් වඩාගෙන දරුවාගෙ පීතෘත්වයේ අයිතිය වෙනුවෙන් උසාවි එන ගුවන් නියමුවරියක් වෙච්ච රසිකාට හුගාක් අය කියන කතාව ඒක.


එහෙත් කසාද බැඳලා හරි කසාද නොබැඳ හරි අම්මා කෙනෙක් වෙන්න ගැහැනියකට තියෙන අයිතිය වගේම දරුවෙක්ට අසාධාරණයක් නොවෙන්න ක්‍රමවේද සකස්වීම සිද්ධ විය යුතුදෙයක්.

මට වන්දි එපා.මට දරුවව ලොකු මහත් කරන්න ආර්ථික ශක්තියක් තියෙනවා .මාව කසාද බඳින්න කියලා මම ඉල්ලන්නෙ නෑ.ඒත් මගේ දරුවගේ උප්පැන්න සහතිකයේ හිස්තැනක් තියන්න අම්මා කෙනෙක් විදිහට මට බෑ.මගේ දරුවට මේ රටේ නිත්‍යනුකූල පුරවැසියෙක් විදිහට ජීවත් වෙන්න අයිතිය තියෙන්න ඕනෑ...චාමික කරුණාරත්න ට දරුවගේ  පීතෘත්වය පිළිගන්න බැරිනම් DNA පරීක්ෂණයක් දෙන්න.......

ඇය ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ට ඒ චෝදනාව නිර්භයව කොන්ද කෙලින් තියාගෙන කරන්නේ දරුවගේ තාත්තා චාමික බව ඇය නිවැරදිවම දන්න නිසා.

තුත්තිරි වගේ දකින දකින සළුවල පැටලෙන 99%ක්  පිරිමින්ට වඩා ඇත්තටම  පිරිමියෙක්ට ආදරය කරන ගැහැනියකගේ හිත හරි වෙනස්....

ඇය වෙනුවෙන් සමාජ මාධ්‍යයේ බොහෝ සටහන් ලියැවී තිබුණා.මේ ඉන් එකක් විතරයි.

"උප්පැන්න සහතිකයේ රික්තකය සහ හුදකලා වූ මාතෘත්වය...

තමන්ගේම ලෙයින් උපන් පුංචි පැටියෙක් කිහිල්ලේ ගසාගෙන, ඒ දරුවාට හිමි සමාජීය සහ නීතිමය අයිතිය වෙනුවෙන් උසාවි ගානේ DNA පරීක්ෂණ ඉල්ලන අම්මලාගේ අසරණ දෑස් පිටුපස තියෙන්නේ මහමෙරක් තරම් ලොකු වේදනාවක්.
සැප විඳින මොහොතේ පෙන්නන ආදරේ, වගකීමක් ඉදිරියට ආවාම දියවෙලා යන "කොන්දක් නැති" පිරිමි මේ සමාජයේ ඕනෑ තරම්! 
ලිංගික එකතුවීමක සතුට විතරක් අරන්, ඊළඟට බිහිවන අලුත් ජීවිතයක බර මුළුමනින්ම ගැහැනියකගේ කරපිට පටවලා හැංගෙන එක තරම් තවත් නීචකමක් තියෙනවද?
දරුවෙක් හදන්නේ නැතුව ඉන්න ඕනෑ තරම් ආරක්ෂිත ක්‍රම තියෙද්දී, තමන්ගේම ලෙයින් හැදුණු දරුවා අතහැරලා යන පිරිමින්ට වඩා, ඒ දරුවා වෙනුවෙන් මුළු ලෝකය එක්කම තනිවම සටන් කරන අම්මා කෙනෙක් දහස් වාරයක් ශක්තිමත්!
"මේ ලෝකයට එන ඕනෑම අහිංසක දරුවෙකුට තමන්ගේ තාත්තා කවුද කියලා නීත්‍යානුකූලව සමාජයට කියන්නත්, උප්පැන්න සහතිකයේ ඒ නම සටහන් කරගන්නත් පූර්ණ අයිතියක් තියෙනවා."
"මේ මගේ තාත්තා" කියලා සමාජය ඉදිරියේ අභිමානයෙන් කියන්න තියෙන අයිතිය ඒ පුංචි පැටවුන්ගෙන් උදුරාගන්න එපා. තමන්ගේම ලෙයට සෙනෙහස දෙන්න බැරි, අවම තරමින් නමවත් දෙන්න තරම් හදවතක් නැති පිරිමි අතරේ, තමන්ගේ දරුවාගේ අයිතිය වෙනුවෙන් මුළු ලෝකයම වුණත් පෙරළන්න ලෑස්ති අම්මලා තවමත් මේ පුංචි රටේ ඉන්නවා.

පිය සෙනෙහසක සුවඳවත් නොවිඳපු ඒ අහිංසක කිරිකැටියන්ටත්, උන් වෙනුවෙන් හඬන ඒ වීර අම්මලාටත් යුක්තිය ඉටුවිය යුතුමය "


නිදියලා කර අරින පිරිමින් වෙනුවෙන් ඇත්තටම ගැහැනුන්ට යුක්තිය ඉටුවිය යුතුමය .