නිරංජනීටත් කසාදයක්

  • 24-08-2026

නිරංජනී ෂන්මුගරාජා කසාද බැන්දා.ලාංකික දමිළ නිළියක් වෙච්ච නිරංජනී ටෙලි නාට්‍ය සහ සිනමාව ඔස්සේ  ලාංකික සිංහල සිනමාවට ඇත්තටම වටිනාකමක් එක් කළ නිළියක් .

ඒ වගේම දමිළ සහ සිංහල බසින් නිවේදනයේ යෙදෙමින් නිවේදිකාවක් ලෙසත් ස්ව අනන්‍යතාවයක් ගොඩනගා ගත් නිරංජනී  චන්දන වික්‍රමසිංහ වේදිකාවට ගෙනා කුවේණි නාටකයේ කුවේණිගේ චරිතය නිරූපණය කරමින් ඈ සතු වේදිකාමය රංගන ප්‍රතිභාවද පෙන්නුම් කළා.
පෙම්වතියගේ භූමිකාවෙන් බිරිඳකගේ භූමිකාවට පියමං කළ නිරංජනී ඔබට සාරවිට සුබ පැතුම්