පැපරාසින්ට දොර ඇරුණු Netflix ට දොර වැසුණු ඉන්දියාවේ රජ මඟුල

ඉන්දියාවම ආදරයෙන් මත් කළ කර්ණාටක තාරකාවිය, තෙළිඟු කරුණාටක ,හින්දී රිදී තිරය අමුතුම ලස්සනකට සැරසූ තාරකාව්ය රශ්මිකා මන්දනා පෙබරවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා උදයපූර්හි අයි.ටී.සී මෙමන්ට්ස් හෝටලයේදී විජය දේවකොණ්ඩත් එක්ක යුග දිවිය ආරම්භ කළා.
ඉන්දියාවෙ කෝටි ගණනක් පිරිමින්ගේ පපු ඇතුළේ දිලිසෙන ක්‍රශ් එකක් වෙච්ච රශ්මිකා අද ඉඳන් එක හදවතක ක්‍රශ් එකක් වෙද්දි ඉන්දියාවේ රසිකයන්ට නම් නොඅනුමානවම දැනෙනවා ඇත්තේ වේදනාවක්.
රශ්මිකාට දැන් අවුරුදු විසිනමයක්.
විජය දේවකොණ්ඩට අවුරුදුු තිස් හයක්. මේ දෙන්නගෙ ආදර කතාව ආරම්භ වෙන්නේ 2017 වර්ෂයේදී. තෙළිඟු සිනමා සෙලෝලයිඩ් පට අතනින් ඇරඹී ඒ අතරින්ම ගලාගෙන ගිය මේ ආදර කතාව ආරම්භ වෙන්නේ රශ්මිකාගේ හදවත කම්පනයෙන් වෙළී තිබුණු කාලයක. ඒ කියන්නේ ඇය රක්ෂිත් ෂෙට්ටි සමඟ විවාහ ගිවිසගෙන අවලංගු කළ කාලය තමයි මේ.ඒ කාලයේම දෛවයේ කැමැත්තට අනුව ඇයට විජය හම්බවෙනවා.
ඉතින් අවුරුදු නවයක ආතර කතාව විවාහයක් වෙන්නේ අද දවසෙදි.
විජය රශ්මිකා දෙන්නගේ මදුසමය මාසයක කාලයක්.මාසයක මධුසමයක් කියන්නේ මොනතරම් සතුටකින් දෙන්නා ඉන්න කාලයක් වෙනවා ඇත්ද ?
විජය රශ්මිකා මංගල්‍යය පිටුපස තව කතන්දර- රස කතන්දර ගොඩක් තියෙනවා.විජය හා රශ්මිකාගේ විවාහය පැවැත්වෙන හෝටලය අසල පැපරාසියන් කඳවුරුලා බලාගෙන හිටියා. හුඟක් තාරක තාරකාවියන් පැපරාසින් එළවද්දි මේ දෙන්නා කරපු දේ පැපරාසින් ආදරයෙන් පිළිගත්ත එක. විවාහය පැවැත්වෙන දින තුනේදීම බුෆේ දොරටු හැම එකක්ම මේ පැපරාසින් වෙනුවෙන් විවෘත කරන්න විජේ සහ රශ්මිකා තීරණය කරලා.පැපරාසීන්ටත් මාධ්‍යවේදීන්ටත් දින තුනම දිවා රාත්‍රී ආහාර ලබා දෙන්න ඒ දෙන්නා තීරණය කරලා තියෙන්නේ ඇත්තටම මාධ්‍යවේදීන් ගැන දැනුණු අනුකම්පාව නිසාමයි.එයාලා කියලා තියෙන්නේ දැඩි මාධ්‍යය වාරණයක් හමුවේ වුණත් දොරටුව ළඟ එයාලා කඳවුරුලා සිටින්නේ තමන්ට තියෙන ආදරය නිසා නේද කියලයි.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරලා තියෙන්නෙ රශ්මිකා සහ විජය ඔවුන්ගේ විවාහ මංගල්‍යය ඉතාමත් පෞද්ගලික ලෙස පවත්වන්න තීරණය කරලා තියෙනවා කියන කාරණාවයි.එය කොච්චර පෞද්ගලිකද කියනවනම් ආරාධිත අමුත්තෙකුට තමන්ගේ ජංගම දුරකථනය අරගෙන විවාහ උත්සව ශාලාවට එන්න බැහැ.ජංගම දුරකථන සියල්ල තහනම් කළ විවාහ මංගල්‍ය උත්සවයක් තමයි මේ පැවැත්වෙන්නේ.
නෙට්ෆිලික්ස් සමාගම ඔවුන්ගේ විවාහය විකාශය කිරීමේ අයිතිය ඉල්ලලා ඉල්ලීමක් ඉදිරිපත් කළේ ඒ වෙනුවෙන් රුපියල් කෝටි හැටක් ගෙවන්න පොරොන්දු වෙමින් .ඒත් රුපියල් කෝටි හැටකට ඔවුන් පයින් ගැසුවේ තමන්ගේ ජීවිතේ ලස්සනම දවසේ ලස්සනම අවස්ථා රුපියල් කෝටි හැටකට මිල කළ නොහැකි බව පවසමින්.
දැඩි ආරක්ෂක බාධක හින්දා පැපරාසීන්ට විජේ සහ රශ්මිකා අසලටවත් ළං වෙන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒත් විජේ සහ රශ්මිකා හරිම උණුසුම් විදියට පැපරාසී මාධ්‍යවේදීන්වත් තමන්ගේ සැමරුම්වල කොටසක් කරගන්න කැමැත්ත පරකරලා තියෙන බව තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා තවදුරටත් කියන්නේ.
හුඟාක් ජනප්‍රිය තාරකාවන් පැපරාසි මාධ්‍යකරුවන් හරිම කරදරයක් කියලා හිතලා සලකලා ප්‍රතික්ෂේප කරන කාලෙක තමයි විජය සහ රශ්මිකා මේ විදියට පැපරාසීන්ට සලකලා තියෙන්නේ.
ඉන්දියාවේ ජනප්‍රියම තාරකාවන් තාරිකාවියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වන මෙම විවාහ මංගල්‍යය උත්සවයට දැඩි ආරක්ෂාවක් යොදලා තියෙනවා.ඒ වගේම මෙම විවාහ මංගල්‍යයේ ඡායාරූප සහ වීඩියෝ පිටත සමාජයට කාන්දු වීම වැළැක්වීමට ඔවුන් ඩ්‍රෝණ යානා සීමා කරලා තියෙන බවත් කියවෙනවා.
තරුවක් වුණාම ජීවිතයේ හැමදේම වෙනස්ම විදිහකට කරන්න සිද්ධ වෙනවා කියන එකට මේ මංගල්‍යය හොඳම උදාහරණයක් කියලා තමයි හිතෙන්නේ.




