පැය දෙක හමාරක් කාලා දාපු ශලනි කොණ්ඩෙත් කපලා

  • 18-08-2026

හත්වලාමේ දෝණි.මක්කයි මේ කරගත්තේ

ශලනි තාරුකාගෙන් එහෙම අහලා තිබුණේ එයාගෙ ප්‍රේක්ෂකයෙක්.හේතුව හිටපු ගමන් ශලනි කොටටම කොණ්ඩෙ කපපු එක.

දිගට තිබුණු කොණ්ඩය කොටට කපපු එකට ශලනිට හුඟාක් ලැබිලා තිබුණේ Negative  Comments.

මේ ඒවයින් කීපයක් විතරයි.

ඔහොම හරි නැ... ඉක්මනින් වවා ගන්න හොදේ

පට්ටම ලස්සනට ඉන්න කෙල්ලන්ට කාලෙකට ට්‍රැක පයිනව. ඒ පැනනම කොණ්ඩෙ එහෙම කපල අර තිබ්බ ලස්සන විනාස කරගන්නව.

මේ තියෙන්නෙත් එහෙම අවස්තාවක් 


ඉස්සර පෙනුම තමයි ඔයාට ලස්සන


තරින්දි ප්‍රනාන්දුත් මේ ළඟදි කොණ්ඩෙ කපලා තිබුණා.ඒත් එයා උස නිසා එයාට ලස්සනයි.දිනක්ෂි ,ශනුද්‍රි ,ශලනි හුගාක් කොට අය .ඒ නිසා එයාලට කොණ්ඩය කපලා කැතයි .එහෙම කියලත් සමහරු comment දාලා තිබුණා.

කොණ්ඩෙ නම් ශලනිගෙ නිසා ඕනෑ wedding  එකක් අපිට මොකෝ කියමුකො .
ඒත් වෙලාවට වැඩක් නොකරන එක තමයි ලොකුම අවුල.
පසුගිය දවසක කන්නගී චිත්‍රපටය වෙනුවෙන් මොනාක් එකේ සාදයක් තිබුණා.ශලනි තමයි ප්‍රධාන නිළිය.

එයාලගේ මුළු සෙට් එකටම කහපාට ඇඳන් එන්න කියලා.කහ කීවට ඒක දිලිසෙන කහ පාටකුත් නෙවෙයි .ටිකක් මඩ පාටට හුරු කහ පාටක්.ඉතින් ඔය මඩ කහ පාටින් එදා බැලූ බැලූ අත Full හොල්මන් .නිෂ්පාදකගෙ ඉඳන් Tea boy දක්වා කට්ටියම එදා කහ නාලා.

ඒ අස්සෙ Film එකේ Music කරපු සහන් රන්වල කියනවා මට Film එකේ Music කරන එකනම් කිසිම අමාරුවක් වුණේ නෑ.මට ලොකුම අවුලක්  වුණේ  කහපාට ඇඳුමක් හොයන එක කියලා.

......සිරි වෙන්න සහන් කහ ඇන්දෙ නෑ කියන්නකො.හුඟාක් තැන්වලට අඳින කළු පාටම තමයි එදත් ඇඳන් ඇවිත් හිටියෙ.

හරි ඒකත් කමක් නෑ කියන්නකො.

6.00 ට පටන් ගන්නවා කියලා Invitation  එකේ වෙලාව දීලා තිබ්බට ශලනි ආවෙ රෑ 8.30 ත් පහුවෙලා .
හරියට 6.00 ට එතෙන්ට ආව අයගෙ කාලය පැය 2.30 ක් විතර නිකම් නාස්ති වුණා.
ප්‍රවීණ සම්මානනීය වෙලාවට වැඩ කරන රංගන ශිල්පිනී කෞශල්‍යා ප්‍රනාන්දු හරියටම හවස 6.00 වෙද්දී එතෙන්ට ඇවිත් හිටියා.ඒත් ශලනි එද්දි කෞශල්‍යා ප්‍රනාන්දු ගිහින් .
අඩුම තරමේ සෑහෙන තරම් පිරිසකගෙ කාලය පැය 2.30 විතර කාලා දාපු ශලනි ඒ ප්‍රමාදය වෙනුවෙන් සමාවෙන්න කියලවත් කීවෙ නෑ.
ඒක එයාගෙ කොලිටි එක වෙන්න ඇති.

ඒත් ශලනි ලැජ්ජයි ඒ ගැන.
ඔයා මේ දේ හරියට තේරුම් ගන්න 
මේ ලෝකයේ හුගාක් දේවල්  සල්ලිවලට ගන්න පුළුවන් .ඒත් කාලය සල්ලිවලට ගන්න බෑ.ඒ නිසා කාගෙවත් ජීවිතයකට අයිති තත්ත්පරයක්වත් නාස්ති කරන්න කාටවත් අයිතියක් නෑ.ඒක හරිම කැත සහ ආත්මාර්ථකාමි පුරුද්දක් ......

ශලනි තාරුකා විතරක් නෙවෙයි තවත් එහෙම අය කලා ක්ෂේත්‍රයේ ඉන්නවා.ඒ ඔක්කොටමත් මේ ටික අදාළයි හොඳේ.