බිකිණි ටීචර් ඇත්තටම ලංකාවෙද?

  • 22-07-2026

බිකිනියක් ඇඳලා නිරූපණයේ යෙදෙන නිරූපණ ශිල්පිනියක් නිසා ලොකු ලොකු කතා හුඟක් ගියා.මේ එක කතාවක්.

"මේ තමයි ජනප්‍රිය පාසැලක ඉංග්‍රිසි විෂය උගන්වන ගුරුවරියක්. මැලේසියාවේ  හෝ ඒ ආසන්න රටක විලාසිතා මොස්තර නිරුපණ තරඟයකට ඉදිරිපත්ව ඇති රැපරාමු පෙල.  දැන් මැය උගන්වන පාසලේ අනිකුත් ගුරුවරුන් විදුහල්පතිවරයාට බලපෑම් කරන බව අනාවරණය වෙනවා ඇය නිසා එම පාසලේ ළමයි හරියට හදාගන්න බැරිලු මේ වගේ බිකිණි වලින් සැරසි නිරුපණ තරගවලට ඉදිරිපත් වෙන ගුරුවරුන් නිසා බවත් සඳහන් වෙනවා.

ගුරුවරිය මේ විලාසිතා මොස්තර තරගයට ඉදිරිපත් විය යුත්තේ ළමා සාරියක් හෝ ඔසරියක් ඇඳගෙනද? ඔය කියන සභ්‍යත්වය සදාචාරය නැතිවෙන්නේ ඒ ගුරුවරිය බිකිණි ඇඳන් මොස්තර නිරුපණ  තරගයට ඉදිරිපත් විම නිසාද? ගුරුවරියකට බිකිණි ඇඳන් මොස්තර නිරුපණය පසෙකලා  මුහුදේ නාන්න යන්නත් බැරිද?

ඉතින් මේ බිකිණි ටීචර් ගැන අලුත්ම කතාව තමයි ඇය ලංකාවෙ නෙවෙයි ගෝතමාලාවේ ජේමි හර්නන්ඩෙස් කියලා.

එහෙම කියද්දිත් සමහරු  අහනවා ඇත්තටම මෙයා සිරිලංකාවේ කෙනෙක්ද? ලංකාවේ නම් පාසල තුළ ඇයගේ ඩියුටිය නිසි පරිදි ඉටුකර තිබේ නම් ඇයගේ පෞද්ගලික අභිමතාර්ථයන් ඉලක්කයන් ගැන වද වෙන්නේ කුමකටද? කියලා

ගුරුවරියකගේ පෞද්ගලික නිදහස සහ වෘත්තීය ගරුත්වය කියන එකට වඩා මේ නම් පැහැදිලි ඊර්ෂ්‍යාව කුහකම නොවේද?

ඔන්න ඔහොම කතා ගොඩයි.

අපි අහන්නෙ මේකයි.

මෙයා ටීචර් කෙනෙක් වුණාම කියමුකො ලංකාවෙම කියමුකො ඒත් උගන්වන්න එන්නෙ සාරිය හරි ඔසරිය හරි ඇඳගෙනනම් බිකිණිය නෙවෙයි ඊට වඩා දෙයක් අඳින්න ඕනෑ තැනකට ඇඳන් ගියාම අපිට පාන්ද කියලා තමයි