මූණ වගේම හදවතත් ප්‍රියංකර -ප්‍රියංකර දැන් ඉතින් සමුගන්න

  • 02-09-2026

ආදර සීනුව පෙම් ලොව දොර ළඟ රැව් දෙන්නේ 
ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ.......

ආදරණීය ප්‍රියංකර තාමත් මතකයි ඒ මියුරුසර....ජේ ඒ මිල්ටන් පෙරේරාගේ ආදරණීය පුතු ලෙස ඔබේම ගී හැරුණු විට ඔබේ ආදරණීය තාත්තා ගැයූ ගී ඔබ රසිකයන් අතරට ගෙනාවා.

ඔබ ගැන කෙනෙක් මෙහෙම ලියලා ප්‍රියංකර ....

මට හමුවු සොඳුරැතම සුහඳශිලි මනුස්සයෙක්.
“අයියේ අද පැදුරේ වැඩෙට එනවා කියපු ආර්ටිස් කෙනෙක් පොල්ල තියලා, තරහ නැතුව එන්න පුළුවන්ද?

කියටද මල්ලි වැඩේ

අයියේ තව පැයකින්

උඹ මාර පිස්සු පූසෙක් නේ
මං මෙ වෙන වැඩකට සෙටි වෙන ගමන්
හා කමක් නෑ උඹේ ලයිවි වැඩේනේ 
මම එන්නං
අයියේ කීයද අයියේ බඡටි එක
මම දන් නෑ බං
දෙන ගාණක් දීපං
වැඩේනේ කෙරෙන්න ඔන.
පැය භාගෙකින් මම ඔතන ඇති”

එහෙම ඇවිත් සුපිරියට වැඩේ ගොඩ දාලා
දෙන ලියුමි කවරේ ඇරලවත් බලන්නේ නැතුව සාක්කුවෙ දාගෙන යන තරමෙ හරිම මානුෂික චරිතයක්.
ගෙනියන්න කිසිත් නැතත් ඉතිරි කරලා යන දේ
තුළ.ඡිවත් වෙන හිත් ගොඩක්.
සැනසීම
උපරිමයෙන් ලැබෙන සුභ ගමන්
ආදරණිය අයියෙ.....

ආදරය සහ මනුෂ්‍යත්වය තුළ ජීවිතය බෙදාගත් මිනිස්සු හැමදාමත් ලෝකයට ඉතුරු කරලා යන්නෙ සුන්දරම මතක විතරයි.....

ඔයත් එහෙම කෙනෙක් ප්‍රියංකර ....නම වගේම හදවතත්  ප්‍රියංකර කෙනෙක් ප්‍රියංකර ඔයා...

ඔයාගෙ ආදරණීය බිරිඳ දිල්හානි අශෝකමාලා මෙහෙම සටහනක් ඔයා වෙනුවෙන් ලියලා

සංවේගයෙන් දැනුම් දීමයි! 

ශ්‍රි ලාංකේය සංගීත ක්‍රේෂ්ත්‍රය , රංගන ක්‍රේෂ්ත්‍රය බබළවාලූ,ප්‍රවීණ ගායන හා රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා කලාකරුවානන් අප අතරින් සදහටම සමුගෙන ඇතිබව සුවහසක් රසිකයින් වෙත කණගාටුවෙන් යුතුව දැනුම් දෙමු.

ලාංකේය කලා කෙත අස්වද්දන්නට නවමු ආකාරයේ හඬ පෞරුෂයක් අත්පත් කරදුන්  නැසීගිය J A මිල්ටන් පෙරේරා ශූරින්ගේ ආදරණීය  පුත් වූ, 
ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මියගේ ආදරණීය සැමියා වූ, නව පරපුරේ ගායන ශිල්පි දිල්මින් පෙරේරාගේ ආදරණීය පියාණන් වූ ප්‍රියංකර පෙරේරා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා 

අද (02/09/26)සවස 3.00 සිට කොළඹ ජයරත්න මල් ශාලා පරිශ්‍රයේ අරලිය ශාලාවේ තැන්පත් නරනු ලබන බවත්, 

හෙට (03/09/26) උදෑසන 8 සිට සවස 5 දක්වා ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ තැන්පත් කරනු ලබන බවත් දන්වා සිටිමු.

අවසන් කටයුතු හෙට සවස සිදු කිරීමට නියමිත අතර සුවහසක් රසිකයින් අමන්දානන්දයට පත් කළ පිනෙන් එතුමන්ට නිර්වාණ සුවය අත්වේවායි පතමු.


ඉතින් ප්‍රියංකර සුබ සුව සංසාර ගමනක්