රස මතක ඉතුරු කර මාධ්‍යයට සමුදුන් පොලීසියේ මහත්තයා

  • 18-09-2026

මාධ්‍යයේ අපිට රස මතක ගොඩාක් ඉතුරු කරලා එතුමා දැන් විශ්‍රාම සුවයෙන් ...ඒ දවස්වල අජිත් රෝහණ කියන්නෙත් සමාජ මාධ්‍යයට සහ මාධ්‍යයට හොඳ කටගැස්මක්.

මට හිතෙන විදිහට මාධ්‍යයේ කවුරු කවුරුත් ගාණට Balance කරගෙන හදවත සහ මොළයත් ලස්සනට සමබරව සමපාත කරගෙන මාධ්‍යත් එක්ක ලස්සනටම ගේම ගහපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තමයි නීතිඥ අජිත් රෝහණ මහත්තයා.

ඊයේ පෙරේදා මේ මාධ්‍ය හිතවතාණන් විශ්‍රාම යද්දී කොරෝනා කාලෙ එතුමා කියපු ප්‍රකාශ ටිකක් අල්ලගෙන ලස්සන post ටිකක්  create වුණා....

අජිත් රෝහණ මහත්තයත් ඒවා දැකලා ආය ඒ දවස්වලට හිතෙන් යන්න ඇති .කොහොමත් ජීවිතය අවසානයේ ශේෂ කරන්නෙ මතක මහ කන්දරාවත් විතරයි....

ඉතින් ඒ මතකත් එක්ක විශ්‍රාම දිවිය සුවයෙන් සතුටින් ගෙවන්න මහත්තයෝ