DECLARED OPEN : WEARING HISTORICAL GILT SILVER CHAIN...
ප්‍රසන්ත විතානගේ ට පුළුවන් වුණා සිනමාවේදියෙකුට හිමිවෙන විරල මොහොතකට හිමිකම් කියමින් ශ්‍රී ලාංකික නාමය ජාත්‍යන්තර සිනමාව තුළ ඉහළම තැනකින් ඔසවා තබන්නට.ඒ මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේදී .
2026 අප්‍රේල් 16 වැනිදා සිනමා උළෙලේ අන්තර්ගත ප්‍රධාන ජූරියේ සභාපති ධූරයට පත් වෙන්නට වරම් ලද ප්‍රසන්න එම ධූරය දරන්නාට පමණක් හිමිවන ඓතිහාසික වටිනාකමකින් යුත් රන් ආලේපිත රිදී මාලය ගෙල පැළඳගනිමින් රුසියාවේ මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ 48 වෙනි අදියර නිළ වශයෙන් විවෘත කළ මොහොත සැබැවින්ම ශ්‍රී ලාංකික සිනමාවට අභිමානයක්.
ඒ වගේම ශ්‍රී ලාංකිකයෙකුට ජාත්‍යන්තර සිනමා උළෙල ඉතිහාසය තුළ ලොව ප්රමුඛ සහ ලොව පැරණිතම සිනමා උළෙලක් විවෘත කිරීමට මේ විදිහට අවස්ථාවක් හිමි වුණෙත් පළමු වරටයි.
මොස්කව් සිනමා උළෙලේදී අතීතයේ පටන් සම්ප්‍රදායානුකූලව ජූරි සභාපති පළදින රන් ආලේපිත රිදී මාලය මොස්කව්හී ශාන්ත බැසිල් ආසන දෙව්මැදුර, ස්පාස්කායා කුළුණ හා ශාන්ත ජෝර්ජ් ප්‍රතිමාව නිරූපිත පදක්කම් ත්‍රිත්වයකින් යුක්ත වෙනවා. ඒ තුළින් පිළිඹිබු වන්නේ බලය ශක්තිය සහ ප්රඥාවයි.


Trending News
Events
නවලෝකයේදී රැජිනට පණ දෙයි
- 08-05-2026
Social Media - අවුරුදු උත්සවේ
- 07-05-2026
සායා කොටු තුනක් පනී
- 07-05-2026

