වේදිකාවේදී රෙදි ගැලවුණේ උමාරියාගේ විතරමද ?

  • 11-08-2026

ඉස්සර ඇඟ වැහෙන්න ඇඳුම් ඇඳගෙන ඕනෑම වේදිකාවක ගී ගයපු උමාරියා සිංහවංශ  එයාගෙ පළවෙනි ඒක පුද්ගල ගී ප්‍රසංගය දවසෙ  උඩු කය යන්තමට වැහෙන්න ඇඳගෙන හිටපු තනපටයක්  වගේ  ඇඳුමෙන් එක පළුවක් ගැලවිලා එක පියයුරක් එළියට ආව සිද්ධිය ලොකු මාතෘකාවක් වුණා.

ඕනෑ කෙනෙක්ට ඕනෑ ඇඳුමක් අඳින්න නිදහස තියෙනවා .
ඒත් ඒ අඳින්නෙ කොතනටද ?
කා වෙනුවෙන් ද?
ඇඳුම කියන්නෙත් ගැඹුරු සන්නිවේදනයක් නේද ?
ඒ ඇඳුම ඇඳගෙන අපි යන්නෙ කොයි වගේ පිරිසක් ඉස්සරහට ද කියලා හිතන එක අපි හිතන්නෙ රැඩිකල් ටෝක් දෙනවට වඩා සමාජමය යුතුකමක් කියලා.

එක පියයුරක් තනපට අස්සෙන් එළියට ආව සිද්ධිය හරිම සරල සිද්ධියක් විදිහට අරගෙන උමාරියා දීලා තිබුණේ  මෙහෙම උත්තරයක් ......

''මෙන්න දන්නැති අයට දැනුවත් වෙන්න පොඩ්ඩක්. It’s called TAPE! 
ඔයාලා හිතන දෙයක් ඔතන උනේ නෑ. 
Views වලට කරන පහත් දේවල් අයේ කැරකිල එන්නේ ඔයාලටම තමයි. රටේ ප්‍රශ්ණ තියෙනවා. ඒවා ගැන පොඩ්ඩක් බැලුවොත් නරකද? 
Also.. අසහන කට්ටිය ඉන්න බව දන්නවා. But අසහන ඇන්ටිලා  I saw that ALL of you have beautiful daughters. Careful what you comment. I pray your daughters don’t get bullied by old unhappy women like you. 
මං වෙනුවෙන් කතා කරපු කට්ටියට පින්. Thankyou '' 

හැබැයි මෙහෙම රෙදි ගැලවුණේ උමාරියාගෙ විතරක් නෙවෙයි .
මේ ඒ වෙනුවෙන් 
හොද ම  සාක්ෂියක් 

"ඩියර් ඩේලි මේල්!........

අමන්දා පාමර් නම් ඇය ඒ සිංදුව කියවලා...
මෙන්න බලාගන්න කියලා තමන්ගේ සම්පූර්ණ නිරුවත් ශරීරය ප්‍රසංග වේදිකාවේදී පෙන්වපු විදිය.  (පළවෙනි ඡායාරූපය)

එංගලන්තයේ ග්ලැස්ටන්බරි කියන නගරයේ ප්‍රසංගයක් තිබුණා. 
ඇය කළු තිසර පටයක් සහ අළු දිග කලිසමක් ඇදගෙන ගීත ගැයුවා. ඒත් නොසිතපු විදියට ඇගේ තනපටය ගැලවිලා පොඩ්ඩකට පියයුරක් එළියට ආවා. මේ උමාරියාගේ වුණ වගේ  ටේප් එකක් නෙවෙයි, සම්පූර්ණයෙන් එළියට ආවා.  

පහුවදා බ්‍රිතාන්‍ය ඩේලි මේල් කියන ගොසිප්වලට බරවුණ ටැබ්ලොයිට් පුවත්පතේ ප්‍රධාන පුවත ඒක වුනා. ඒ ගැන රස කරපු හෑලි ලියලා ඩේලි මේල් වික්කා. 

ඊට ටික දවසකට පස්සේ තිබුණු ප්‍රසංගයකදී අමන්දා එක සෙග්මන්ට් එකක් කලා. ඇය කිමෝනාවක් ඇදගෙන වේදිකාවට ආවා. ඇය ඇහුවා ඩේලිමේල් රිපෝටර්ලා මෙතැන ඉන්නවද කියලා.

ඔවුන් වෙනුවෙන් පළවැනි ගීතය ගයන බව ඇය කිව්වා. 
පියානෝවත් එක්ක ඇය "ඩියර් ඩේලිමේල්" කියන සිංදුව ගැයුවා. මම ඒකේ සරල සිංහල තේරුම කියන්නම්.

ඩියර් ඩේලිමේල්.....
එදා රාත්‍රියේ මම මුලු නගරයක් සැනසුවා. මාගේ මිහිරි ගීතය, රංගනය , සංගීතය පසෙකලා ඔබ කතා කලේ, මගේ පියයුරු වෙත පමණයි.

ඩියර් ඩේලිමේල්....
තාක්ෂණය භාවිතා කරන්න.ගූගල් සෙවුම් පාවිච්චි කලේ නම් ඔබට පියයුරු ඕනතරම් ප්‍රමාණයක් බලන්නට පුළුවන් . ඒ අතරින් මගේ තන සහ එහි ඔබ විසින් ගත් ජායාරූප කිසිසේත්ම වැඩකට නැත්තක් බව අවබෝද වන්නට ඉඩ තිබුණි.

ඩියර් ඩේලිමේල්.....
ඔබ පවසනවා මගේ තනපටින් මගේ තනය එලියට පැන්නෙ හරියට දුවන හොරකු ලෙස බව. ඔබ නොසිතන්නෙ කොහොමද එයට බ්‍රිතාන්‍යයේ හිරු එලිය වැදීමට අවැසිව තිබුණු බව.

ඩියර් ඩේලිමේල් .....
මට ඔබ වැනි මාධ්‍ය ගැන,මාධ්‍යකරුවන් ගැන ඇත්තටම කණගාටුයි. නුඹලා මුලු මහත් ස්ත්‍රීන්ට සිදුකරන ද්වේශය මානව ශිෂ්ටාචාරය නට්ටාවශේෂ කිරීමක්.

ඩියර් ඩේලිමේල්.....
මම දන්නවා උඹ මේ රාත්‍රිය ගැන අකුරක්වත් නොලියන බව. නමුත් තාක්ෂණයට පින්සිදු වන්නට මෙය මුලු ලෝකෙටම ඇසේවි.

"මෙන්න දැක ගන්න මගේ නිරුවත"
ඇය සම්පූර්ණයෙන්ම ප්‍රසංගයේදී නිරුවත් වුණා. මේක කලාකාරියක් පහත් මාධ්‍ය හැසිරීම්වලට එල්ල කරපු දරුණුම ප්‍රහාරයක්. 

උමාරියාගේ පෝස්ට් එක ගත්තත්,  මෙ සිද්ධිය ගැන  ඇය කෙළින්ම කතා කිරිමේ වැදගත්කමක් තියෙන්නේ ඒ නිසයි. "

මොනවා වුණත් උමාරියා පියයුර ආයෙත් රෙදි පට අස්සෙ ගහගෙන අනාගන්නෙ නාගන්නෙ නැතුව ගානට ඒ මොහොත සින්දුව කියන ගමන් balance කරගත්තා.

අන්න ඒ හයියට නම් අපි ඔයාට එකෙන්ම  respect