150ක් එක්ක අමීර් මඟුල් කයි
තෝරාගත් අමුත්තන් 150 ක් එක්ක බොලිවුඩයේ Mr Perfect හෙවත් අමීර් ඛාන් කසාද බැන්දා .ඒ තුන්වැනි වතාවට . කසාදය දවසෙ අමීර්ගෙ පෙර බිරින්ඳෑවරුන් දරුවන් ඔක්කොම ආවා .ඒ ඔක්කොම එක්ක පින්තූර අරගෙන ආදරය බෙදාගෙන තුන්වැනි මඟුල වෙනස්ම විදිහට කෑවා.
අමීර් සිය පෙම්වතිය ගෞරි ස්ප්‍රැට් (Gauri Spratt) සමඟ යුග දිවියට පිවිසුණේ බොහෝ දෙනා බලාපොරොත්තු වූ මහා පරිමාණයේ විවාහ මඋත්සවයකට වඩා, තමන්ගේ නිවසේදීම පැවැත් වූ ඉතා චාම් සහ පෞද්ගලික (Gharelu) උත්සවයකදි.දැන් මේ 61 හැවිරිදි මනමාල මහත්තයා නිල වශයෙන් තුන්වැනි මඟුලත් කන්න පටන් ගත්තා.
අමීර්ගෙ මේ කසාදය 'විශේෂ විවාහ පනත' යටතේ ලියාපදිංචි කිරීමෙන් පසු විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වුණා. ආමීර් සහ ගෞරි විසින්ම ඉතා සැලකිල්ලෙන් තෝරාගත් ආහාර මෙනුවක් තමා එදා ඔක්කොටම භුක්ති විඳින්න දුන්නෙ.
ආමීර්ගේ පෙර විවාහයන්හි දරුවන් බිරියන් මෙන්ම, බොලිවුඩ් සිනමාවේ සමීපතමයන් එදා මේ තුන්වැනි කසාදෙ සතුට බෙදාගන්න ඇවිත් හිටියා.
අශුතෝෂ් ගෝවාරීකර් සහ රාජ් කුමාර් සන්තෝෂි වැනි ප්‍රවීණයන් ද මේ අතරෙ හිටියා.
මට මගේ රසිකයන්ගෙ ආශිර්වාදය දෙන්න ඒ අමීර්ගෙ ඉල්ලීමක් .
1986 වසරේ රීනා දත්තා සමඟත්, 2005 වසරේ කිරන් රාඕ සමඟත් විවාහ වූ ආමීර්, සිය දරුවන්ගේ වගකීම් අදටත් හරියාකාරව ඉටු කරන ආදරණීයම තාත්තා කෙනෙක්....
අමීර් ආයෙත් තාත්තා කෙනෙක් වෙයිද ?
දෙයියො තමයි දන්නෙ
