Accident එකෙන් පස්සෙ හිමාලිගේ කකුලට අමුතු මලක්

  • 08-09-2026

ඔයා නැත්නම් මම මේක කරන්නෙ නෑ.....රොෂාන් රවීන්ද්‍ර හිමාලි සයුරංගිට එහෙම කීවෙ ඇයි කියලා තේරෙන්නේ දැන්....හිමාලිටත් හිමාලිව අමතක වෙන තරම් ඇය නටත් අයෙක් සුරා මතින් වෙනුවෙන් නන්දි එක්ක ගන්න හුස්ම ගැඹුරුයි......

ඒ ගැන හිමාලි හිමාලිගේම වචනවලින් කියන්නේ මෙහෙමයි.....

"මම නන්දි වෙනුවෙන්  විශාල කැපකිරීමක් කළා..මට පොඩි කාලෙ ඉදලම පුට් බයිසිකලයක් වත් පදින්න බෑ..වැටෙයි කියලා බයයි..නාට්‍ය  කීපයක්ම නැති කරගෙනත් තියනවා බැරිකම නිසා..මේකට කතා කළාම මට හිතුණා බය පැත්තකින් තියලා මේක කරනවමයි කියලා..රොෂාන් නාට්‍ය  ගැන කතා කරන්න ආවා..නන්දි ගැන පැහදිලි කළා ..බයිසිකල් පදින්න පුළුවන්ද ඇහුවා..මම කිව්වා කොහොම හරි ඉගෙන  ගන්නම් කියලා..

පහුදාම මහේ උදව්වට නිතරම එන නිශාන්ත සගයා මෙන්න සුදු පාට ස්කූටියකුත් හොයන් ආවා..පෝඩ්ඩක් විතර වැඩේ හුරු වුණා..පහුවදාත් ගියා මිලේනියම් සිටී එක පැත්තේ පුරුදු වෙන්න..නිශාන්ත මලයා පිටි පස්සෙ ඉදන් උපදෙස් දෙනවා..මහේ හෙල්මට් එක බුරුල් වෙලා මගෙ ඇස් දෙක වැහුණා..තනි අතින් පදින ගමන් මම ඒක හදන්න ගියා විතරයි මට මතක..ාඇය යන්න ගියා මැකිලා මම කෙලින්ම වේගයෙන් ඉස්සරහට යනවා..මට පාලනය කරන්න බෑ..මහ පාරේ වාහන මගෙ මූණට එනවා වගේ පේන නිසා මම පාරේ තිබබ ලයිට් කණුවකට වම් කකුල වේගයෙන් ගැහුවා..බයික් එක එකක්ම අපි වැටුණා..මට නැගිට ගන්න බෑ .සපත්තුව පැලිලා කෑලි ගිහින් තිබුනා ..මාව ජාතික රෝහලට ඇතුලත් කළා ..කකුල යටින් දෙකට පැලිලා..අස්ථි කුඩු වෙලා..පැය පහක සැත්කමකින් පයු මගේ කකුල බේර ගන්න පුළුවන් වුණා..නාට්‍ය  නැවතුනා..මට බයිසිකලයක් දැක්කම පපුව හිර වෙන්න ගත්තා..

මම හිතුවා මම නන්දිගෙ චරිතේ අතහරිනවා කියලා..ඒත් රොෂාන් කිව්වා මම මේ නාට්‍ය  කරනවනම් කරන්නෙ ඔයා එක්ක විතරයි කියලා.. ආයෙත් මට පණ ආවා..ජීවිතේ ගොඩක් අභියෝගවලට මූණ දුන්න මට ඇයි මේකෙන් මම පැනලා දුවන්නෙ කියල මම මාස ගාණක් කිහිලිකරු වලින් ඇවිදලා..තවත් මාස ගානක් නොන්ඩි කකුලෙන් ඇවිදලා තෙල් සාත්තු කරල ඇවිදින්න පටන් ගත්තා..ආයෙම පුහුණු වීම් පටන් ගත්තා..රොෂාන් මට ඒකට ආරක්ෂිත පුද්ගලයො ලබා දුන්නා..වැඩේ කොහොම හරි ගොඩ දැම්මා...අදටත් ලොකු කැලලක් තියනවා..කකුලෙ සයිස් එකත් වෙනස්..mama Malaka Tatoo ekak kala Ethana.ඒත් ඔයාල නාට්‍ය විදින හැටි දැක්කම මහේ අදුරු මතකය නැති වෙලා යනවා..ජීවිතේට එන කුණාටු වලින් මාව රකින්නෙ රසික ඔබයි..හැමදාටම මාව තදින් අල්ලගන්න ..ආදරෙයි"