Fast Track ඉසව් 4ක් දිනූ ලංකාවේ එකම රූ රැජන

ප්‍රතිභා ලියනාරච්චි වෙනුවෙන් ශ්‍රි ලාංකික අපේ ආදරණීය හරසර තිළිණ කළ යුතුම මොහොතකට අපි සපැමිණ සිටින්නෙමු.
73 වන ලෝක රූ රැජිණ (Miss World 2026) තරගාවලියේදී ශ්‍රි ලාංකික නාමය ලෝකය අභිමුව අභිමානයෙන් සනිටුහන් කිරීමට ප්‍රතිභා ලියනාරච්චි සමත්ව තිබීම සැබැවින්ම ගෞරවාදරයක්.
සැබැවින්ම ඇය ගැන මාධ්‍ය ඇස මේ අයුරින් යොමුවීමම ප්‍රසංශනීයයි.
මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක මෙන්ම දක්ෂ තාක්ෂණික මෝස්තර නිර්මාණ ශිල්පිනියක (Technical Designer) වන ඇය, තරඟාවලියේ අතිශය තීරණාත්මක Fast Track ඉසව් 4 කින්ම (Beauty with a Purpose, Talent, Sports & Fitness, Top Model) අවසන් වටය (Finalist) දක්වා සුදුසුකම් ලැබූ පළමු සහ එකම ශ්‍රී ලාංකික රූ රැජිණ ලෙස ඉතිහාසගත වෙනවා.
විශේෂයෙන්ම Top Model ඉසව්වේදී මෙරට ජාතික පුෂ්පය වන මානෙල් මල තේමා කරගනිමින් නිර්මාණකරු ගුණිඳු දසුන් (Gunidu Dasun) විසින් නිර්මාණය කළ 'තඹර' (Thambara) ඇඳුම් නිර්මාණය තුළින් ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ලෝක නිර්මාණකරුවන්ගේ අංශය යටතේ විදහා දැක්වීමට ඇය කටයුතු කළා. ♥️
එමෙන්ම Sports Challenge අංශයෙන් ලෝකයේ හොඳම 24 දෙනා අතරට පිවිසෙමින් ශාරීරික යෝග්‍යතාවය අතින්ද ඉහළ දක්ෂතාවයක් පෙන්නුම් කළ ඇය, මෙරට පාරම්පරික හස්ත කර්මාන්ත සහ බතික් ක්ෂේත්‍රයේ නියැලෙන ග්‍රාමීය කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් දියත් කළ "HOOP" ව්‍යාපෘතිය හරහා Beauty with a Purpose අංශයද ජයග්‍රාහී මාවතකට ගෙන ඒමට සමත්ව සිටිනවා. රූප සුන්දරත්වය පමණක් නොව බුද්ධිය, කුසලතාව සහ මානුෂීය මෙහෙවර මුසු වූ මෙවන් ජාත්‍යන්තර ජයග්‍රහණයක් අපේ රටට අත්කර දීම අතිශය සුවිශේෂී ඇගයීමක්.
කිරුළක් දිනා ගැනීමට වඩා රටක අභිමානය සහ දිරිය ලෝකයක් ඉදිරියේ ඔසවා තැබීම කොතරම් නම් ආඩම්බරයක්ද?
සැබැවින්ම මෙතෙක් Fast Track ඉසව් 4 කින්ම (Beauty with a Purpose, Talent, Sports & Fitness, Top Model) අවසාන වටයට (Finalist) තේරී පත් වූ පළමු සහ එකම ශ්‍රී ලංකා රූ රැජින වන්නේ ප්‍රතිභා ලියනආරච්චියි.
"ප්‍රතිභා" කියන්නේ සිය නම අරුත්ගන්වමින් ඉදිරියට යන කෙනෙක්. [(ප්‍රතිභාව : අපූර්ව වස්තු නිර්මාණය කිරීමේ හැකියාව. ) (අපූර්ව : පෙර නොවූ විරූ)]
මේ මොහොතේ අපි ප්‍රතිභාට අපේ සහයෝගය දෙන්නෙ කොහොමද කියන එක වැදගත් .
අපි ප්‍රතිභාට අපේ සහයෝගය දෙන්නේ කොහොමද?
▪️Miss World Official App එක Download කරගෙන ප්‍රභාත්භා වෙනුවෙන් ඔබේ මනාපය (Vote) ලබා දෙන්න.
▪️Social Media Engagement: ඇගේ නිල ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් ගිණුම්වල සටහන්වලට Likes, Comments ලබා දෙමින් Share කරන්න.
▪️Miss World නිල ඇප් එක: Mobstar ඇප් එක හරහා ඇගේ ඡායාරූප Swipe (Like) කරමින් Multimedia Challenge එකෙන් ඇයව ඉදිරියට ගෙන යන්න එකතු වන්න.
අපේ එක Vote එකක් මේ මොහොතේ ලංකාවට ලොකු ශක්තියක්!
කිරුළ වෙනුවෙන් යන මේ ගමනේදී Prathibha Liyanaarachchiට ශක්තියක් වෙන්න අපි හැමෝම එකතු වෙමු.




