Victoria ’s Secret හොල්ලපු ලස්සනම අම්මලා

  • 26-10-2026

බොහෝ ආසියාතික සාම්ප්‍රදායික ගැහැනුන් අම්මා කෙනෙක් වූ පසු තමන්ගේ හුඟාක් හීන අත් හරිනවා...ආදරය සරාගිකත්වය වගේ හැඟීම් අත් හරිනවා.සැකෙවින්ම හුස්මක් වැටෙන නිසා ජීවත් වෙනවා වගේ මානසිකත්වයකට එනවා.ඒත්  ලෝක ප්‍රසිද්ධ Victoria's Secret වේදිකාවම සැරසූ  අම්මලා 16 දෙනා ලෝකයටම කියා දුන්න ලස්සනම පාඩමක් තියෙනවා .

"දරුවෙක් ලැබුණාට පස්සේ සිරුරේ හැඩය ආකර්ෂණීය ස්වභාවය  වෙනස් වෙනවා... ආයෙත් ඉස්සර වගේ ලස්සන වෙන්න, තමන් ආස කරපු ක්ෂේත්‍රයේ ඉහළටම යන්න බැහැ..." කියන පසුගාමී මානසිකත්වයේ ඉන්න අයට  ඉකුත් දිනයක  පැවැත්වුණු Victoria’s Secret Fashion Show 2026 විලාසිතා දැක්මෙන්  ලැබුණු ආදර්ශය හරි සුන්දරයි. 

ලෝකයේම අවධානය තමන් වෙත යොමු කරගත්  ඒ  සුපිරි වේදිකාව වර්ණවත් කළ  නිරූපිකාවන් අතරින් 16 දෙනෙකුම දරුවන් සිටින ආදරණීය මව්වරුන් වීම මොනතරම් සුන්දර ද ? ඇත්තටම  මව්පදවිය කියන්නේ ගැහැනියකගේ  සිහිනවල අවසානය නෙවෙයි කියන එක ඒ නිරූපිකාවන් ලෝකයයම පෙන්නුවා.

වේදිකාව  වර්ණවත් කළ ඒ සුපිරි අම්මලා කවුද? ඔයා දන්නවද ?

 Adriana Lima සහ Ashley Graham: 

දරුවන් තුන්දෙනෙකුගේ ආදරණීය මව්වරුන් වන මොවුන්, තමන්ගේ සිරුරේ හැඩය මෙන්ම ආත්ම විශ්වාසයද උපරිමයෙන් රකින අයුරු මනරම් ලෙස පෙන්වා දුන්නා.

 

•Kylie Jenner සහ Gigi Hadid: 

කයිලි දරුවන් දෙදෙනෙකුගේ මවක් වන අතර ජිජි එක් දියණියකගේ මවක් ලෙස මෙවර වේදිකාවේ කාගේත් නෙත් සිත් ඇදගත්තා.

 

 Candice Swanepoel සහ Alessandra Ambrosio:

 දරුවන් දෙදෙනා බැගින් සිටින මේ සුපිරි Veteran Angelsලා තවමත් ලෝකයේ පෙරළිකාර නිරූපිකාවන් බව නැවතත් ඔප්පු කළා.

 මුළු ලෝකයේම හදවත් සලිත කළ Barbara Palvin ගේ සැබෑ කතාව!

සමාජ මාධ්‍ය පුරා හැමෝම කතා කරන්නේ Barbara Palvin සිය පළමු දියණිය (Sylvie) බිහි කරලා සති 6ක් වැනි කෙටි කාලයකින් නැවතත් දේවදූත තටු (Angel Wings) පලඳිමින් මේ විලාසිතා දැක්මට එක්වීම ගැනයි

නමුත් මෙහි ඇති වටිනාම Fact එක තමයි, ඇය වේදිකාවෙන් පසු සමාජ මාධ්‍ය හරහා කාන්තාවන්ට දුන් අවංක පණිවිඩය:

"සෑම මවකගේම ප්‍රසූතියෙන් පසු කාලය (Postpartum journey) එකිනෙකාට වෙනස්. කවුරුත් තමන්ව අනිත් අය එක්ක සසඳන්න එපා. වේදිකාවේ ඔබ දැක්කේ මේකප් කරලා හැඩවුණු මාව වුණාට, මගේ සාමාන්‍ය දවස ගෙවෙන්නේ වෙනස්ම විදිහකට. ඒ වගේම, backstage එකේදී මගේ බ්‍රා එකට Nursing Pads මහන්න පවා සිද්ධ වුණා!"

ඇය පවසන්නේ හැම මවකටම මේ වගේ ඉක්මනින් රැකියාවට එන්න අවස්ථාවක් හෝ ශාරීරික පහසුවක් නොලැබෙන්න පුළුවන් නිසා, තමන්ගේ සිරුරට සහ මානසිකත්වයට මුල් තැන දිය යුතු බවයි. මවක් වීම යනු ආශ්චර්යයක් වන අතර, සෑම අම්මා කෙනෙකුගේම කැපවීම එක ලෙස අගය කළ යුතුයි.

 ඉතින් කවදාවත් සිහිනවල සීමාවක් ලකුණු කරන්න එපා.......

සිහින සහ නිදහස කියන්නෙම අසීමාන්තිකයක්...........