අතින් අල්ලන්න එපා මූණ ඉඹින්න එපා .....කියාගෙන රඟපාන්න එන්න එපා

  • 24-06-2026

මගේ වයිෆ් ආස නැහැ මම ඒ වගේ චරිත කරනවට. මගේ බබාලාට ඉස්කෝලේ යන්න බැරි වෙයි ඒ වගේ චරිත කළොත්. ඒගොල්ලන්ගේ පැත්තෙන් ඒක සාධාරණ ඇති. හැබැයි මට හිතෙන්නේ ඒක හරි පටුයි කියලා.

චරිතාංග නිරූපණ ශිල්පියෙකුට එහෙම වෙන්න බැහැ.

මට නම් එහෙම ස්වයං වාරණ නැහැ. 'එක ඇඳේ ඉඳගෙන රඟපාන්න බැහැ', 'අතින් අල්ලන්න බැහැ', 'මුහුණ ඉඹින්න බැහැ'.. ඒ වගේ ඒවා මට නැහැ.

පතිවත තියාගන්න ඕනේ තමන්ගේ පෞද්ගලික ජීවිතයේ මිසක්, මේ ප්‍රාසාංගික ජීවිතයේ නෙමෙයිනේ. මේ... මේ... රස්සාවේ නෙමෙයිනේ. තිරය ඉස්සරහදි පතිවත රකින්න යන එකේ කිසිම තේරුමක් නැහැ.

Glamer Talk Show වඩ සටහනේදි දැනෙන්නම වැදෙන්නම මෙහෙම කීවේ  වේදිකාව ටෙලිනාට්‍ය සිනමාව යන ක්ෂේත්‍ර ත්‍රිත්වයම ඇති පදමට ජයගත් සම්පත් ජයවීර.

සම්පත් ගෙ කතාව තවම ඉවර නෑ.

මම කියන්නෙ එහෙම නැත්නම් භාර නොගෙන ඉන්න ඕනේ චරිත. ගෙදරින් රඟපාන්න ඇවිල්ලා, ආවයින් පස්සේ කියනවා 'එක ඇඳේ ඉඳන් රඟපාන්න බැහැ', 'අනේ මාව බදාගන්න එපා මගේ හස්බන්ඩ් කැමති නැහැ', 'මගේ බොයිෆ්‍රෙන්ඩ් කැමති නැහැ', 'මම බඳින්න ඉන්න එක්කෙනා කැමති නැහැ', 'බඳින්න ඉන්න එක්කෙනාගේ අම්මා කැමති නැහැ'...

ඔය වගේ තියෙනවනේ... 'අත අල්ලන්න එපා', 'මගේ මූණ ඉඹින්න එපා', 'කොණ්ඩේ අල්ලන්න එපා', 'මට මේ ටවල් එක.. මට දිය රෙද්ද ඇඳන් රඟපාන්න බැහැ', 'අප්පෝ අමුඩේ අඳින්න බැහැ'... 

ඉතින් එහෙම ස්වයං වාරණ වල කිසි පදනමක් නැහැ. මට නම් එහෙම ඒවා නැහැ ඇත්තටම.  මම ඕන දෙයක් කරන්න ලෑස්තියි."

ඇත්තටම නළුවෙක්ට නිළියෙක්ට රංගනය තුළ වාරණයක් තියෙන්න ඕනෑද ? හැබැයි රංගනය ඇතුළෙ වාරණ දාගෙන ඔය හුඟාක් අය  වත්ත වටේටම යනවා.....

ඒක හුඟක් නළු නිළියන්ට එල්ලවෙන සුලභ චෝදනාවක් විත්තිය දන්නෝ දනිති සහ දන්නෝ  දනිති මුලකුරුවල කතන්දරේ කියලා තමයි අපිටත් කියන්න තියෙන්නේ.......
එතනින් එහාට අපි කිසිම දෙයක් නිර්වචනය කරන්නෙවත් කිසිම දෙයක් විනිශ්චය කරන්නෙවත් නෑ.......

හැබැයි .....සම්පත් කියන කතාවේ ඇත්තටම නම් හිතන්නම ඕනෑ හුගාක් දේවල් තියෙනවා ....