ආදරය නිසා පහුගිය කාලයේ මම පුදුම මානසික පීඩනයක් වින්දා

  • 07-07-2026

දුෂේනි මියුරංගි කියන්නෙ නිරූපණ ශිල්පිනියක් වගේම නිළියක්. ඇය පහුගිය කාලයේ තාවකාලිකව  ක්ෂේත්‍රයෙන් ඉවත් වුණා. එහෙම වුණේ ඇයි කියන්නත්  ඇගේ  මානසික බිඳවැටීම ගැනත්  ඇයට ඉන්දියානු සිනමාවට පිවිසීමට ලැබුණු අනපේක්ෂිත අවස්ථා සහ ඇයගේ පෞද්ගලික ජීවිතය ගැනත් ඇය දැන්  විවෘතව  කතා කරනවා.

 

කොවිඩ්-19 වසංගත කාලයේදී මම  දැඩි මානසික පීඩනයකට ලක් වුණා.  ඒ හේතුවෙන් මාස අටකට අධික කාලයක් මම  සමාජ මාධ්‍ය ජාලාවලින් සහ දුරකථන භාවිතයෙන් සම්පූර්ණයෙන්ම අයින්වෙලා  හුදෙකලාව ජීවත් වුණා.

ඒ කාලයේ  මම හුඟාක්  මානසිකව වැටිලයි හිටියේ. මම දවසකට  පැය හතරක්, පහක් වගේ  දීර්ඝ කාලයක් භාවනා කළා. මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න  ඒ ආධ්‍යාත්මික පුහුණුව ඉවහල් වුණා, 

මම ක්ෂේත්‍රය ට ආවෙ මගේ දෙමාපියන්ගේ දැඩි උනන්දුව  නිසා. 

2016 වසරේදී සංගීත වීඩියෝවක් හරහා මම  ක්ෂේත්‍රයට ආවෙ . ඒක මට  බොලිවුඩ් සිනමා ක්ෂේත්‍රය  ස මඟ සම්බන්ධ වීමට ලැබුණු අවස්ථාවේ “අනපේක්ෂිත හැරවුම් ලක්ෂ්‍යයක්. ලංකාවේ පැවැත්වුණු චිත්‍රපට සම්මාන උළෙලකදී බොලිවුඩ් නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා (Sidharth Malhotra) සමඟ ඉදිරිපත් කළ රංගනයක් නිසා  ඉන්දීය කලා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක (Agency) අවධානය මට යොමු වුණා.

ඉතින් ඊට පස්සෙ මම  මුම්බායි හි රැඳී සිටිමින් චිත්‍රපට කිහිපයක පරීක්ෂණ (Auditions) සඳහා සහභාගී වුණා.  ඒත් කොවිඩ්  හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට මට සිදු වුණා.


අවසන් වතාවට ඇගේ පෙම්වතා වුණේ රංගන ශිල්පී සචින් ලියනගේ.ඒත් දැන් ඒ පෙම් කතාවටත් තිත.

“මම ආදරයට සහ පුද්ගල සබඳතාවලට යම් බියක් දක්වනවා. පසුගිය සබඳතාවලින් මම ජීවිතයට බොහෝ පාඩම් ඉගෙන ගත්තා,

ඒත්  විවාහය කියන්නෙ  ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් කියලා මම  විශ්වාස කරනවා. මම ආසයි අම්මා කෙනෙක් වෙන්න.

  දෙමාපියන් යෝජනා කරන සහකරුවෙක් නම් මම විවාහ වෙන්න තෝරා ගන්නෙ නෑ. සමහර විට  අනාගතයේදී විදේශිකයෙකු සමඟ මම විවාහ වෙන්න පුලුවන් .

2017 වසරේදී ‘මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා’ කිරුළ දිනාගත් දුෂේනි මියුරංගි, අද වෙද්දී  ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ වඩාත් ජනප්‍රිය නිළියක ලෙස නැවතත් ස්ථාවරත්වය ගොඩ නගා ගනිමින් ඉන්නවා.ඒ පහුගිය කාලයේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්ට පොල්ලක් තැබීමේ සිද්ධියෙන් පස්සෙ.