ඉලංගෝට නගිද්දී රංගනාත්ට බහින්නේ ඇයි ?

ඒයි මතකද ඉලංගෝ රාම්ගේ නෙළුම් කුළුණ ..නෙළුම් කුළුණ කීවට ඒ කුළුණේ නෙළුම ක් නෑ...හැබැයි කුළුණක්....එතකොට නෙළුම...නෙළුමක් තියෙනවා .....ඒක උදේට පිපිලා හවසට පරවෙලා යන නෙළුමක් නෙවෙයි ....ඒ නෙළුම් කොහොමත් පිපෙන වෙලාවක් කියන්න සක්කරයටවත් බෑ...පිපෙනවා හැකිලෙනවා....අවසන් හුස්මත් එක්ක හැකිලෙනකම් පිපෙන්න හැකි හැම මොහොතකම පිපෙන ඒ නෙළුම නෙළුම් කුළුණෙදි පිපුණා කියහන්කො පිපිල්ලක්...මිනිහා මැරිලා ....හදවතේ හුස්ම නැවතිලා...ඒ පිරිමි පපුව මේ භවයෙදි ආය හුස්මක් නොගත්තට මෙන්න යකෝ නෙළුම තාම ප්රාණවත් ..ප්රාණවත් කියන්නේ පිපුණා පිපුණමයි පිරිමි පපුවෙ හුස්මක් නොවැටුණාට නෙළුම පරවෙන්නෙම නෑ......
ඉතින් ඉලංගෝ එහෙමයි
ඩිලංක රංගනාත් මෙහෙමයි......
ඒක හැබැයි නෙළුමක් නෙවෙයි මචං .....
තුවක්කුවක්........
එතෙක් කිසිදා පත්තු නොකළ තුවක්කුවක් .....එක පාරක් හරි පත්තු කරන්න සෑහෙන ගේමක් දුන්නත්
අනේද මන්දා බං.....
අඩා ඩා .අවනක්කු පයිතිතියමා.කියලා අහන්න එපා
අවනක්කු පයිත්තියම් ඉල්ල.....කියලා තමයි කියන්න තියෙන්නෙ.....
ඌ ඒක පත්තු කරගන්න දඟලපු දැඟලිල්ලට අය්යෝ සාමි එංග නීංග කියලා හිතුණා ......
මේ අහන්නකො ඒක පත්තු කරන්න දඟලන පත්තු නොවුණු පත්තු වෙයිද බං කියලා හිතෙන තුවක්කුවක කතාවක් විතරක් නෙවෙයි ......
ඒක ඉන් එහා ඇත්තටම ගැඹුරු මනෝ විද්යාත්මක කියවීමක්.......මානුෂික කියවීමක්...ආදරණීය නෙවෙයි ආදරණීයම කියවීමක්.....Sex හින්දා ආදරය පෙන්වපු කිරුළක් හින්දා ආදරය පෙන්වපු යක්ෂ ගැහැනියක්ගෙ යක්ෂ හදවතේ තැවරුණු මොළකැටි ප්රේමණීය ප්රේමයටත් ගිනිතියපු බෙලහීන විජයගේ පරපුරේ පිරිමියෙක් නොවුණ පිරිමියෙක් බං ඩිංගා කියන්නේ.....හදවතේ හැම අහුමුල්ලකම හැම ද්වාරයක්ම ඇරලාදාලා ඒ ඕනෙ තැනක් ගැහැනියකට නිදහසේ කියවන්න දීලා අමුතුම සොඳුරුම ආදරවේදයක් ප්රේමයත් ආදරයත් මුහු කරපු තීන්තවලින් ලියන්න හදපු පිරිමියෙක් බං ඩිංගා කියන්නේ..
ඒ පිරිමි හෘද සාක්ෂිය ඉසියුම්ම සිනමාත්මක වේෂයකින් කියවන්න තතනමින් ඒ ගැඹුරෙහි සිනමාත්මක රසයක් දවටලා කළතලා සුභාවිත සුභාෂිත සුලාලිත ලීලාවෙන් එහා ගිය කිති කිති ලීලාවකින් ගෙනහැර දැක්වූ ලියැවිල්ල තමයි....ඩිංගා.....

ඩිලංක රංගනාත්ගෙ චිත්රපටය -ඩිංගා
ඇත්තටම ඩිංගා එකේ ඩිංගා විදිහට ඉන්නෙත් ඩිලංක රංගනාත්මද කියලා හිතුණෙත් මටම විතරක්මද මන්දා......
හැබැයි වෙන්නත් බැහැ....
මොකද ඩිලංකා ඩිංගා ව
යාළුවෙන්න අහලා බෑ කියපු කෙල්ලන්ටයි
යාළුවෙලා හිටපු කෙල්ලන්ටයි
ඩිලාට හිතින් පෙම් කරපු කෙල්ලන්ටයි (හිතින් පෙම් කළා කියලා මූ දැනගනිද්දි උන් බැඳලලු )ඔක්කොටම පුදලා තිබුණා.....
අර ඩිංගට තිබ්බ තුවක්කුවේ ප්රශ්නය මේ ඩිංගටත් තිබුණානම් මුගෙ ප්රේම පුරාණෙ අල්ලලා මූ එහෙම හෑලි ලියන එකක් නෑනෙ......
ඒත් ගෑනු ආදරය කරන්නෙ පත්තුවෙන තුවක්කුවලට විතරක් නෙවෙයි බං.....ඇත්තටම ආදරය හොයන ගෑනු හිත් ආදරය ඇතුළෙ Sex හෙව්වට Sex Target කරගෙන ආදරය හොයන් නෑ.....බං
නොඉල්ලමි කිසිවක්ම -ආදරය හැරෙන්නට ....එමා බෝවාරි නවකතාවේ එමා මහ වැස්සේ මඩ කඩිති උඩින් පැන පැන වැටී වැටී වෙවුල වෙවුලා ලෝකයටම රහසින් දිග සාය උස්සගෙන පිරිමි හොයාගෙන ගියේ නිදිවදින්න නෙවෙයි මිත්රයා.....ස්නේහ සිතිවිලි දන් නොදී රාග සිතුවිලි නිර්ලෝභීව දන් දුන්න පිරිමි පපු අස්සෙ ඩිංගක් හරි ඇබින්ඳක් හරි අල්පමාත්රයෙනුත් අල්පමාත්රයක් හරි ආදරය හොයාගෙන තමයි එදා අමා පිරිමි පපු කැන කැන ආත්මීය පිපාසයකින් රාග සුරාග අනුරාග දන් දිදී පිරිමි ආදරයක් හෙව්වේ...
ඇහැ පියාගෙන පපුව අස්සෙ හිස තියාගෙන සැනසෙන්න එකම ගැහැනියකට විතරක් දිවි ඇති තුරා ආදරය කරන උණුහුම් පිරිමි පපුවක් හෙව්වේ....
සංසාර ගිරිදුර්ගයේ රිදුණු දෙපතුල් තබා ඇවිදිද්දි දැනෙන පිච්චෙන ගින්දර නිවාගන්න යස උරහිසක සුව හෙව්වේ...
අනේ මේ තත්ත්පරය කල්පයක් තරම් දිගු තත්ත්පරයක් වෙනවනම් කියලා හිතෙන ලෝභකමකින් අල්ලාගෙන ඉන්න අත් නොහරින්න අල්ලගෙන ඉන්න හිතෙන තරම් උණුසුම් අතක් හෙව්වෙ...
ඒත් අවසානයේ හුස්මක් හුස්මක් ගානෙ ආදරය හෙව්ව එමාට ආදරය වෙනුවට දෙවුර දරාගන්න සිදුවුණේ මී පාසනං එක්ක ලියැවෙච්ච අඳුරු ඉරණමක් විතරයි.......
අනේ එදා එමාට ඩිංගා හමුවුණානම් කියලා ඩිංගා බලද්දී මට හිතුණා එමා......
මොකද ඩිංගො එමාලා තව හුඟාක් මේ ලෝකයේ ඉන්නවා.....
උන් හොයන්නෙ Sex නෙවෙයි Love බං
Sex ළඟ දි දැනෙන තෘප්තියට වඩා ආදරය ළඟදි දැනෙන සැනසිල්ල සාංසාරිකයි ඩිංගො.....
ඇසිල්ලක ගෑනු මහා ගිනි කන්දක් වගේ පිපිරිලා යනවා අනුරාගයේ අනන්ත සරාගයක ආය ආය පත්තුවෙන තුවක්කුවටත් හාදු දෙන තරම් ප්රේමයකින් පිරිමි පපුවක ආදරය
ආදරය විදිහටම දැනෙද්දි
උඹ දන්නවද ඩිංගො
ආදරය වැක්කෙරෙන
ඒ වැක්කෙරෙන ආදරය අස්සෙ මත් මන්ත්ර හංඟලා දැනෙන්න නොදැනෙන්න වත්කරන පිරිමියෙක්ගෙ ලොකු ඇස් දෙකක් දිහා බලාගෙන ගැහැනියකට පුළුවන් අනන්ත සුරතාන්ත සරාගයක කල්පයක් නැලවෙන්න......
එහෙම පිරිමියෙක් වෙන්නෙ කොහොමද හිතන්න ඩිංගා බලන්න හැබැයි බලලා මදි
ඩිංගාව කියවපන්.....

ඩිංගාවගේ පිරිමියෙක්ගෙ පපුව අස්සට රිංගලා පපුතුරේ හිස තියාගෙන සැනහෙන්න හීනයකදි හරි තත්ත්පරයක් හොයනවනම් ඩිංගාව බලපන්.....පෙම්වතියක් වුණත් ,බිරිඳක් වුණත් ආදරය හොයන ඉල්ලන නොලැබුණු මොන විදිහෙ ගැහැනියක් වුණත් ඩිංගාව බලපන්
බෑ කියලා හිතන බෑ කියලා දන්න පිරිමින්ට පොන්නයා කියන ලේබලය දැන්වත් අවලංගු කරපන්.......
මොකද Sex කියන්නේ මොහොතක්.....
හැබැයි ආදරය කියන්නෙ හුස්මක්....
කල්පයක්
සාංසාරික සංසාරයක්.....
තුවක්කු පත්තු වුණත් නොවුණත් පිරිමි පපුවක ආදරය අවුස්සගෙන
පිරිමි පපුවක් ,පපුතුරක් ,අත් දෙකක් සින්නක්කර අයිතියට ලියාගෙන
සැනහිල්ලේ සැනහියන්
ඩිංගා ගැන ඩිලංක රංගනාත්ගෙ ලියවිල්ලත් නිවිහැනහිල්ලේ කියවපන්
ස්තූතියි ඩිලංක රංගනාත්
තිලක්ෂණී රත්නායක
තුසිත ලක්නාත් ඇතුළු තේ කෝප්පයෙ හැදුව කොල්ලගෙ ඉඳන් සෙට් එකටම.....
ඒ වගේම ඩිංගා අපිට පෙන්වන දවසෙ සිනමා ශාලාවට ඇතුළුවෙන තැනත් මුරදේවතාවා වගේ ඉඳගෙන හැමෝම එක්ක සිරික්කිය දාගෙන හිටපු වාලම්පුරියේ අයිතිකාරයා ලකාටත්
ඉතින් එහෙනම් ඩිංගා බලන්නත් ඩිංගක් ගොඩවෙන්න
කුණුහරුප කියලා දෙයක් ලෝකයේ නැහැ....
කොයි විදිහට කොහොම හමුවුණත්
හැමතැනම තියෙන්නෙ
හැමතැනදි ම හමුවෙන්නෙ මනුස්ස හැඟීම්වල රස නීරස තෙම්පරාදුවක් මචං .....
එච්චරයි .......

