උදිත් නාරායන්ගෙ පුතා ලංකාවට ඇවිත් විදුලිය සේ අලි ඇවිදින් කීවෙ ඇයි ?

  • 12-06-2026

ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ හඬින් මම ලියපු  "හිතින් යන අය" වචන පේළිය මට සිංදුව විදිහට අහන්න ලැබුණෙ උඹ නිසා. අද ජනප්‍රිය ඉන්දීය ගායක ආදිත්‍ය නාරායන්ගෙ හඬින් මගේ වචන  ඇහෙන්නෙත් උඹ නිසා. 

සංඛ , ඇයි ඕයි තමුසෙ මට ඔච්චර ආදරේ..? 

මධු රස ලවනත තවරලා
මදහසකින් මුව සරසවලා 
රහසින් බොඳවී මැකිලා
අඳුරේ මා තනිකර නුඹ ගිය දා..
මට දැනුණා සඳ අහසේ නෑ කියා......

ආහ්....ඇයි ඕයි තමුසෙ මට මෙච්චර අහපු ඒ යකා කවුද කියලා ඔයා දන්නවද?

මේ දවස්වල යකා වැහිචච......
ඒ  මොකෝ අහන්න එපා යකෝ 
ඇයි යකාගේ මහත්තයා එක්ක  සිනමා අධ්‍යක්ෂවරයෙක් වෙච්ච නළුවෙක් වෙච්ච පිහිතුඩේ අයිතිකාරයා හෙවත් ලාංකික සිනමාවට යකෙක් ගේන්න හදන අමුතු යක්ෂයා මේ දවස්වල සුන්දර ලෙස ඇවිලෙන්නෙ 

විදුලිය සේ අලි ඇවිදින්......

ආහ්...ඒකත් එක කතාන්දරයක්...උදිත් නාරායන්ගෙ පුතා ආදිත්‍ය නාරායන් සිරස Voice වේදිකාවට ඇවිත් 

විදුලිය සේ අලි ඇවිදින් කීවේ ඇයි ?

අලි ඇවිදින් නෙවෙයි බං යළි ඇවිදින් කීවේ......

අලි නෙවෙයි බං යළි 
යළි යළි

එහෙම කියද්දී එකෙක් දිල්ශාන්ගෙන් comment එකක්  දාලා අහලා තිබුණා 

 විදුලිය සේ අලි ඇවිදින්ද ?
දෙව්ලිය සේ යළි ඇවිදින්ද ?කියලා...

 අලි හරි යළි හරි සින්දුව හීනියට සීනියට හොඳ මාතෘකාවක් වුණා....

අඩේහ්.....ආදිත්‍ය සංඛ දිනෙත් එක්ක සින්දුව කීවා නෙවෙයි සින්දුව ගැයුවා....ඒක පපුවටම දැනෙන සියුම් ලේ නහර තුඩු අගිසි ඇහැරවන කිතිකවන පිරිමි හඬක්....

අලි කීවත් යළි කීවත් ගැයුම තංගම් ඈ.......

වින්දනීයයි ...

ඉතින් 
විදුලිය සේ යළි සිනා නොවෙන්..........
දිල්ශාන් පතිරත්න කියන්නෙත් අමුතු රහක් අමුතු ඉවක් තියෙන යක්ෂයෙක් එච්චරයි