එක තැනකදි මම මගේ දුවගෙන් ඈත් වෙනවා

  • 19-10-2026

"මගේ දුවට මම එක නීතියක් දාලා තියෙනවා, උපාධිය සම්පූර්ණ කිරීම අනිවාර්යයි. මොකක්හරි විෂයකින් උපාධියක්. ඒ උපාධියෙන් රස්සාවක් කරනවද නැද්ද කියන එක මට අදාළ නෑ.

අවසාන අවුරුද්දෙදි මම කොහොමත් එයාව පිටරටකට යවනවනේ, එතැනදි එයාව මගෙන් කොහොමත් ඈත් වෙනවා කියන තැන මං ඉන්නවා. මං හිතන්නේ එයා ස්වාධීන වෙන්නෙත් එහෙම නේද. අම්මා කෙනෙක් විදිහට මම ආසයි මගේ දුවට ඒ දේ දෙන්න."

මෙහෙම කීවේ උපේක්ෂා ස්වර්ණමාලිනී.ඇය දැන් ලොකු දුවකගේ අම්මා කෙනෙක් .Single mom කෙනෙක් විදිහට රංගන ජීවිතයයි අම්මා කෙනෙක්ගෙ ජීවිතයයි දෙකම සමබරව ගෙනියන උපේක්ෂා කොහේ ගියත් යන්න පුළුවන් හැමතැනකම තමන්ගෙ දුවව එක්ක යන ආදරණීයම අම්මා කෙනෙක්.
ගැහැනියක් දික්කසාද ගැහැනියක් වුණාම ශ්‍රි ලංකාව වගේ රටවල ජීවත් වෙන තවමත් මානසිකව සංවර්ධනය නොවූ ගෝත්‍රිකවාදී මිනිස්සු එහෙම ගැහැනියක් දිහා බොහෝවිට බලන්නේම අවලංවාදී 
මානසිකත්වයකින්.හැබැයි දික්කසාද වෙච්ච පිරිමියෙක් දිහා එහෙම බලන්නෙ නෑ.හුඟාක් මිනිස්සු දකින්නෙ වැරැද්ද විතරයි.වරදට හේතුව දකින්නෙ නෑ.මිනිස්සු වැරදි කරන එක සාධාරණ නොවුණත් මිනිස්සු වරදට පෙළඹීමේ හේතු අතිශය සාධාරණ සහ මානුෂික වෙන්න පුළුවන් ....
අනික් එක ගැහැනියක් දික්කසාද වෙන්න තීරණයක් ගන්නෙ ඒ ගැහැනියගෙ තනි කැමැත්තකින් නොවෙන්න පුළුවන් .....

ඒ වගේම තරු ලෝකෙත් දික්කසාද වෙච්ච හුඟාක් නළු නිළි ජීවිත ගත්තම එයාලගෙ දරුවන් ඉන්නෙ තාත්තා එක්ක නෙවෙයි .අම්මත් එක්ක.

ඉතින් උපේක්ෂා ලොකු දුවක් එක්ක ජීවිතය අභියෝගයක් වෙන තැන් ඔයාටත් ඇති.තවමත් තරුණ ගැහැනියක් විදිහට පිරිමියෙක්ගෙ ආදරය උණුසුම ඔයාගෙ හිතත් ඔයා ඉල්ලා හිඳින තැන් ඇති.....
මොකද ජීවිතය දැනෙන්නෙම ආදරය ඇති තැනක ........
අම්මා කෙනෙක් වුණත්
තනිවුණ ගැහැනියක් පිරිමියෙක් වුණත් ඒක හැමෝටම වලංගුයි