කෝ බං ධනංජය

කෝ බං ධනංජය .......එහෙම වෙන්න පුළුවන්ද ? මොකුත් නැතුව එහෙම විසික් කරන්න පුළුවන්ද ? හැබැයි මොන වල්පුරනකට විසික් කළත් රස සාර දන්න ප්‍රේක්ෂකයන් තවමත් මේ රටේ හුස්ම ගන්න හින්දා සම්මාන මාෆියාවෙන් ධනංජයලා මොන කැලේකට විසි කරන්න හැදුවත් ධනංජය විසික් වුණේ ධනංජයලාවගේ නළුවන් රස සාර අර්ථසාර ඕවිල්ලක නලවන රෝස කැලේකට කියලත් සම්මාන අසම්මාන කරන උගත් බුද්ධිමත් සිනමා නැණවතුන්ගෙන් පිරී තිබුණේයැයි කියන විනිශ්චය මණ්ඩලවලට මතක් කරන්න ඕනෑ.....
ධනංජයගෙ කෙරුවාවන් ඔක්කොම පැත්තකින් තියමු.මදර් ලංකා චිත්‍රපටයේ ලිංගික සංක්‍රාන්තිකයෙකුගේ චරිතයට ආත්මීය ආලයකින් ධනා දුන්න හුස්ම සිනමාව ගැන අල්පමාත්‍රික හෝ රසඥතාවයක් තියෙන එකෙකුට නොදැනුණානම් නොදැනෙනවානම් අඩා ඩා ඒ යකා හුස්ම ගන්න මළකඳක් වෙන්න ඕනෑ.....
ධනා කියන්නෙ නළුවෙක් නෙවෙයි ළය ලෙයට රංගනයේ අසීමිත අසීමාන්තික රංගවේදයන් එන්නත් කරපු යක්ෂයෙක් විත්තිය ධනා අනූෂ සංජීව එදිරිමුණි අධ්‍යක්ෂණය කළ මදර් ලංකා සිනමා කාව්‍යයේ සත්‍යාගෙ චරිතයෙන් ඔප්පු කරලා පෙන්නුවා...ආය සාක්ෂි මොකටද ඒ ඇති.......මලයාලම් ලෙයක් සත්‍යා එක්ක හුස්ම ගනිද්දි ධනාගෙන් වැගිරුණේ.....
ඒ වේෂ නිරූපණයයට පැය ගණනක් වැය වෙන්න ඇති....
ඇඟේ පේන හැම තැනකම මයිල් ගහක් ගානෙ උගුල්ලන්න ඇති
මනසින් ස්ත්‍රීත්වයේ සියුම් ඉසියුම් හැම සංවේදනාවක්ම ස්පර්ශ කරන්න ඇති
සැකෙවින් ම ධනංජය සත්‍යාට ආත්මයෙන්ම ප්‍රේම කරන්න ඇති
ධනා ශිව දේව ප්‍රතිමාව අබිමුව නර්තනයේ යෙදුන දර්ශනය නර්තනය හැදෑරූ කෙනෙක් හැටියට මම වින්දෙ විස්මයකින්
ඒ භාව සාර ලීලා ඒ තරම් ගැඹුරුයි
ඒත් ධනංජය මෙතෙක් ඇගයීමට පාත්‍ර වුණේ මොන සිනමා සම්මාන උළෙලකදීද.......
House full වෙච්ච පලියට ලෝකය වටේ දිව්ව පලියට චිත්‍රපටයක් හොද චිත්‍රපටයක් වෙන් නෑ මචං
තාක්ෂණික සමුච්චිතකරණයෙන් එහාට සමාජමාධ්‍යයේ පිම්බිල්ලෙන් එහාට සිනමාව දකින්න දැන්වත් ඇස් අරින්න
හොඳම නළුවා සම්මානයෙන් විතරක් නෙවෙයි විශේෂ ඇගයීමකින් ලාංකික සිනමාව වෙනුවෙන් පිදිය යුතු රංග ප්‍රතිභාවක් විදාහල ධනංජය සිරිවර්ධන නල්ලමලේ මොන මොන සම්මාන උළෙලවල්වලට අමතක වුණත් සිනමා සාක්ෂරතාවයෙන් සහ සිනමාමය හෘද සාක්ෂියක් සහිත හදවතකින් සන්නද්ධ රසිකාගාරයක් අබිමුව ධනා ඔබ වීරයෙක්
සැබෑ නළුවෙක්
ස්තූතියි අනූෂ සංජීව එදිරිමුණි ඔබේ ඒ අධ්‍යක්ෂණය වෙනුවෙන්
ඔබේ ඒ ආදරණීය බිරිඳගේ පිටපත වෙනුවෙන්
ධනා සත්‍යාට දුන් හුස්ම වෙනුවෙන් 2025 ට හෝ 2026 ට විතරක් නෙවෙයි ලාංකික සිනමාවේ ස්වර්ණවත් පරිච්ඡේදයක් වෙනුවෙන් ඔබ හොදම නළුවා.....
ඉතින් රසිකාගාරයක් වෙනුවෙන් සාරවිට මේ මල් කිනිත්ත ස්නේහයෙන් පිරිනමන්නම්.....
පිළිගනු මැනව..........
