කිරුළ හුටපටෙන් චූල් සහ කැරොලයින් නිදහස්

  • 15-09-2026

වේදිකාව මතදී පුෂ්පිකාගෙ කිරුළ ගැලවීමේ සිද්ධියට එරෙහිව පස් වසරක් පුරා විභාග වූ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කළා.

ජූරි කැරොලයින් සහ චූල්  පත්මේන්ද්‍රා නඩුවෙන් නිදොස් කොට නිදහස්.

වේදිකාව මත කිරුළ ගලවපු සිද්ධිය කොයිතරම් සදාචාරද කියන කාරණය  මොකක් වුණත් එහෙම වෙන්න සාධාරණ හේතු තිබුණු වග අපට පිළිගන්න වෙනවා.

තීන්දුව ලැබෙද්දි චූල් නෑ.

මේ පුෂ්පිකා අධිකරණයෙන් එළියට ඇවිත් කියපු වචන.

''ඒ මොහොතෙම මම ඒ අයට සමාව දීලා ඉවරයි. මම අඩුම තරමෙ වන්දියක්වත් ඉල්ලුවේ නෑ. 

මම ඉල්ලුවේ මට වෙච්ච අසාධාරණයට, වැරැද්ද පිළිඅරගෙන සමාව ගන්න කියලා විතරයි. 

අධිකරණයෙන් දුන්නු තීන්දුවට මම හිසනමා ආචාර කරනවා. 

මේ වෙනකොටත් ස්වභාවධර්මයෙන් කවුද හරි කවුද වැරදි කියන දේ පිළිඅරගෙන තියෙනවා. 

කිසිම කෙනෙක් එක්ක තරහක් වෛරයක් නෑ. මම හැමෝටම සමාව දීලා ඉවරයි. 

ස්වභාවධර්මය මාත් එක්ක ඉන්නවා....''