කවුරු මොනවා කීවත් අපි රැජිණියේ නවත්වන්නෙ නෑ

නිළි රැජන ලෙසින් සම්මානනීය වූ මාලිනී ෆොන්සේකාගේ ජීවිතයේ ඉසව් සියුම් වෙසෙකින් ස්පර්ශ කරමින් සිනෙස්ටාර් පදනම වෙනුවෙන් ජයන්ත ධර්මදාස නිෂ්පාදනය කරන්නට සූදානම් වන රැජිනියේ චිත්‍රපටයට අනේ අම්මපා මේ වෙද්දි ත් ගෝරි ගොඩයි ලෙඩ ගොඩයි.එහෙම තමා ආරංචිය .
මේ චිත්‍රපට කතාව ගැන කසු කුසුව එළියට ආපු ගමන් ලෙඩේ ඇද්දේ මාලිනියගේ දික්කසාද සැමියා වෙච්ච ලකී ඩයස්.
පවුලෙ අයවත් එකතු වෙලා මාලිනිය විකුණාගෙන කන්න යන මේ වැඩේ නවත්වන්න .මාලිනියට අපහාස කරන්න එපා...ලකී කීවෙ එහෙම.එයාගෙ පෞද්ගලික ජීවිතයේ දේවල් ඇදලා ගත්තොත් ඒක එයාට හරි නෑ එයාට තියෙන ප්‍රේක්ෂක ආදරයට ඒක මාර අවුලක්......
ලකී එහෙම කියද්දී සොනාලි ෆොන්සේකා කීවෙ ලොකු නැන්දට හානියක් නොවී මේක කෙරේවි කියලා.
හැබැයි සමස්තයක් විදිහට රැජිනියේ ට ආවෙ විරෝධය ක්.
විජය කුමාරණතුංගගේ චරිතයට දමිත් විජේතුංග ගන්නවටත් ලොකු එරෙහිවීමක් තියෙනවා.ඒ අල්ල පනල්ලේ තදේටම ගේමට බැස්සෙ දමිත් ෆොන්සේකා .
ඒ ගාමිණී ෆොන්සේකා ගේ චරිතයට පණක් දෙන්න ජනිත් වික්‍රමගේ තෝරාගත්ත එකට දමිත් ෆොන්සේකා පට්ට ගේමක් ඉල්ලනවා.
" පෞද්ගලිකව මගෙන් හෝ ගාමිණී ෆොන්සේකාගේ පවුලේ කිසිම කෙනෙක්ගෙන් තාත්තගෙ චරිතය මේ නිර්මාණයට සම්බන්ධ වීම ගැන හෝ මේ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් හෝ අවසරයක් ලිඛිතව හෝ වාචිකව අරගෙන නෑ .ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නෑ එහෙම හිතුමනාපෙට මේ වගේ ලෝකයක් ගෞරව කරන චරිත ගැන පෞද්ගලික තීරණ ගන්න. අඩුම තරමේ කිසිම දැනුවත් කිරීමක්වත් මේ සම්බන්ධයෙන් කරලා නෑ. මම පෞද්ගලිකව මේ චිත්‍රපටයේ කාස්ටින්වලට එකඟ වෙන්නෙත් නෑ. තාත්තගේ චරිතයට කරලා තියෙන ආදේශකය කොහෙත්ම අනුමත කරන්නේ නැහැ. තාත්තගෙ චරිතයට ආදේශ කරන්න කිසිම කෙනෙක් නෑ. අඩුම වශයෙන් ලංකාවේ මේ කරන්න පුළුවන් නළුවෙකුට ඉන්නේ හේමාල් .ඒ වගේ දක්ෂතාවය සහ පෙනුම දෙකම තියෙන කෙනෙක් මේ සඳහා යොදාගන්න තිබ්බා. පෞද්ගලිකව මට ජනිත්ට මේකෙදි මුකුත් කියන්නත් බෑ.. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරන මේ තීරණවලට සෘජුව සම්බන්ධ වෙන අයට සදාචාරාත්මක අයිතියක් තියෙන්න ඕන මෙහෙම වැඩකට තාත්තගෙ චරිතය භාවිතා කරනවනම් කරනවනම් ඒක අපෙන් අහන්න .ඊයේ ඉඳලා මට දුරකථන නැවතුම් එනවා. මේ වැඩේට අපි අවසර දුන්නද ? මේක නවත්වන්න කියලා. ඒ නිසා මම කියන්නේ පෞද්ගලිකව අපි මේ වැඩේට එකඟ වෙන්නේ නෑ .
දමිත් ෆොන්සේකා මෙහෙම කියද්දි මොවිදු ෆොන්සේකා කියන්නේ මෙහෙම කතාවක් විජය ගාමිණී මාලිනී හෝ කාගෙවත් පෞද්ගලික වත්කමක් හෝ ප්‍රාග්ධනයක් නොවේ. ඔවුන් වග වූ ඔවුන් වෙනුවෙන් වගකියූ සමස්ත සමාජයක් ඉන්නවා. දැන් මේ ෆිල්ම් එක මිනිස්සු බහුතරයක් විවේචනය කරන නිසා මේකට සම්බන්ධ පාර්ශව මීට වඩා මේක ගැන හිතන්න වෙනවා. මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ මේ වගේ ෆිල්ම් එකක් මීට වඩා හොඳ සංවිධාන ශක්තියකින් හොඳ විනයකින් කරන්න තිබ්බා සහ කරන්න තවමත් වෙලාව තියෙනවා. පෞද්ගලිකව මේ කිසිම කෙනෙක් එක්ක මට පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. ඒත් මාලිනී ගාමිණී විජය යනු රට සතු ජාතික වස්තුන්. ඒ වගේ මිනිස්සුන්ගේ චරිත චිත්‍රපටයක් වෙනුවෙන් විකෘතියක් විහිළුවක් වෙනවා ඇස් කන් පියා ගැන බලන් ඉන්න බෑ.
මොවිඳු එහෙම කියද්දී රැජිණියේ නිෂ්පාදක ජයන්ත ධර්මදාස කියන්නේ මෙහෙම කතාවක්.
අපේ රටේ දක්ෂයෝ ඉපදුණා අති දක්ෂයෝ හිටියා. ශ්‍රේෂ්ඨයන් හිටියා විශිෂ්ටයන් හිටියා. ඒකෙ උඩටම ගිය එක්කෙනෙක් තමයි මේ රැජන .මම ළඟින් ආශ්‍රය කළා.අවුරුදු විසි ගාණක් .නිතර නිතර අපේ ගෙදර ආව ගියා.කා ගැනවත් කේලමක් කීවේ නෑ. මේ අපි චිත්‍රපට ගැන කලාව ගැන කළ යුතු දේවල් ගැන හුඟක් කතා කළා .දවසක් අපේ ගෙදරදි කතා කරන ගමන් කිව්වා.
එයා ගැන පොත් කීපයක් ලියවිලා තියෙනවා .හැබැයි චිත්‍රපටයක් කවුරුත් ගැහුවේ නෑ කියලා. ඕක මම හිතට ගත්තා. මම තව දවසක් අපි කට්ටිය ඉන්න තැනක ජනකට ඕක කීවා. ජනක කිව්වා අපි ඒක කරමු කියලා .එදා තමයි මම මේකට මුල පිරුවේ. හැබැයි මාලනි අසනීප වෙලා එහෙම ඉන්න නිසා අපි දෙන්නා පොඩ්ඩක් පස්ස ගැහුවා. ටිකක් අවුරුද්දක් විතර යනකල් හිටියා .ඊට පස්සේ තමයි මේක පටන් ගත්තේ. ඉස්සරහට ඉන්න පරම්පරාව පොත් කියවන එක අඩුයි චිත්‍රපටයක් වගේ තිබුණොත් ඒක බලයි කියලා අපි හිතුවා. ඒක නිසා තමයි වෙන දෙයක් වෙන්න මේක පටන් ගත්තේ. අපිට ඉන්නේ මාලිනී අක්කා අවි අයියා ඒගොල්ලන්ව බලා ගන්න ඕනි .අපි ඒක හැමදාම කරනවා. රැජිනියේ චිත්‍රපටයෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑ .අපි ඉතාම හොඳ දක්ෂයෝ ටිකක් තෝරාගෙන ඉන්නවා. ලංකාවේ ඔයිට වැඩිය හොයාගන්න බැරි වෙයි .මට මේක ඉතාම වටින චිත්‍රපටයක් වෙයි. හැමෝගෙම ආශිර්වාදය බලාපොරොත්තුවක් . අපි මේ ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගන්නේ නෑ .කවුරු මොනවා කීවත් ඉස්සරහටම යනවා
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට කීවලු
අපිත් ඉතින් බලන් ඉමු....
