කළණටත් අද කසාදයක්

  • 23-09-2026

කළණ ගුණසේකර අද කසාද බඳිනවා.චිත්‍රපට සෑහෙන ගණනක රඟපෑ කළණට ඊයෙ පෙරේදා සම්මාන උළෙලකදී වසරේ හොඳම නැගී එන නළුවට හිමි සම්මානය ගත්තා .ආයෙ කොහෙද නගින්න තියෙන්නේ කියලා හිතුණෙ අනේ අපිට විතරමද මන්දා .

මෙච්චර කල් තනිකඩව ඕනේ ඕනෙ හැටියට ටෙලි -ෆිල්ම් කී නොකී ඕනෑ දෙයක් එක්ක හිතේ හැටියට සෙට් වෙච්ච කළණට කසාදෙන් ඉනික්බිතිත් ඒ නිදහස ඒ අයුරින්ම ලැබේවා කියලා තමා අපිනම් සුබ මංගලම් කියන්නත් ඉස්සර ප්‍රාර්ථනා කරන්නෙ.

කළණගෙ කසාදෙ වැඩිය සද්ද බද්දයක් හාවක් හූවක් නැතුව කරන සීන්කෝන් එකක් වගේ එකක් තමා පෙනුනේ.අද කසාදේ කියලා ඊයේ 22 කළණ එයා රඟපෑ චිත්‍රපටයක Media show එකටත් ආවා.චිත්‍රපටය ගරා.අධ්‍යක්ෂ වින්ද්‍යා හාරිස්පත්තුව තමා අද කළණගෙ කසාදෙ කියලා හීන් සීරුවේ ලස්සනට ගින්දර පත්තු කළෙත්.

ඉතින් කසාදෙත් එක්කම කළණගෙ ගරාත් එනවා.

ගරා කසාදෙ වගේ නොවී ගරා යකා වගේ  නොවී ඇත්ත කසාදෙ මෝරන තල මල සේම සාර සුබාවට පවතීවා එහෙනම් ....

සාරවිට අපි  ඊයෙ ගරා එක්ක එළියට බැහැලා අද කිති කිතියෙ මඟුල් කන  කළණ ගුණසේකරට ඔන්න සුබ මංගලම් කීවා එහෙනම්