චන්දිමාල් ජයසිංහට නඩු සහ වාරණ රොත්තක්
ශ්‍රී ලංකා විවාහක රූ රැජින 2026 තරඟාවලියේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහට නඩු පිට නඩු වාරණ පිට වාරණ........
ඒ ඇහෙන අලුත්ම කතාවක්.....
හේතුව ......?
වාර්තාවෙන විදිහට එක හේතුවක් නෙවෙයි හේතු හුගාක් තියෙනවා.

Mrs. Sri Lanka 2026 තරඟාවලියේ තරඟකාරියන් දෙදෙනෙක් කඩුවෙල දිසා අධිකරණයේ චන්දිමාල් ජයසිංහ ඇතුළු තවත් තරඟකාරියන් 14 දෙනෙකුට විරුද්ධව ගොනු කළ අංක SP/853/2026 දරන නඩුව විමසීමට ගත් අවස්ථාවේ දී දිසා විනිසුරුතුමිය විසින් චන්දිමාල් ජයසිංහට සහ තවත් තරඟකාරියන් දෙදෙනෙකුට එරෙහිව එම තරඟාවලියේ National Costume and Crown Lounge Gala Event සහ Grand Finale යන වටයන් සඳහා එම තරඟකාරියන් දෙදෙනා ඉදිරිපත් කිරීම වළක්වමින් වාරණ නියෝගයක් වර්ෂ 2026/10/08 වන දින නිකුත් කළා.
පැමිණිලිකරුවන් වෙනුවෙන් ඔප්ටිමා ලෝ ඇසෝසියේට්ස් නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ දිල්ශාරා ගමගේ, නීතිඥ අෂිනි ජයරත්න, නීතිඥ ජනක ගමගේ, නීතිඥ ෆර්සියා ෆවුසාද්, නීතිඥ දුල්මි සත්සරණි යන නීතිඥ මන්ඩලය සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ සමන් ලියනගේ පෙනී සිටියා. මෙම නඩුව 2026.10.22 වන දිනට නියම කර ඇති අතර එතෙක් අධිකරණය මගින් නියම කරන ලද වාරණ නියෝගය බලපැවැත්වෙනවා.
පැමිණිලිකාරියන් සිය පැමිණිල්ල මගින් දක්වා තිබුණේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින 2026 මූලික තරඟ වටය ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් සහ අය විසින් විනිශ්චය මණ්ඩලය විසින් ලබා දී ඇති ප්‍රතිඵල කූට ලෙස හා වංචනික ලෙස වෙනස් කර කිසිදු ලකුණක් නොලැබූ ආශා වීරසිංහ යන අය ද ලකුණු 01ක් පමණක් ලැබූ දිමිත්‍රී ධර්මප්‍රිය යන අය ද තරඟාවලිය තුළ තබා ගැනීමට කටයුතු කර ඇති අතර දසදෙනෙකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසින් තෝරා ගන්නා ලද පැමිණිලිකාරියන් තරඟයෙන් ඉවත් කිරීමට අත්තනෝමතික ලෙස කටයුතු කොට ඇති බවයි.
අන්න එහෙම තමයි සිද්ධිය ගැන වැඩිදුර තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා කරලා තියෙන්නේ .
