දීපිකාට ආයෙත් බබෙක්

  • 29-04-2026

දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං, ආදරණීයම දෙන්නෙක් ආදරය ආදරයෙන්ම බෙදාන්න.එහෙම තමයි ඒ දෙන්නා ගැන හැමෝම කියන්නෙ. ආදරය නිසාම කලෙක විශාදයෙන් පෙලෙන රෝගිනියක් වූ දීපිකා දැන්නම් දෙයියනේ කියලා හිතේ හැටියට ආදරය විඳිනවා.එයා දැන් ලස්සන දුවෙක්ගෙ අම්මා කෙනෙක්.

 

එයාගෙ දුවගෙ නම දුවා. මාස 19ක් වයසැති ඒ සුරතල් දියණිය  'දුවා', Positive Pregnancy test kit එකක් අතැතිව සිටින ඉතාමත් සංවේදී ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එක් කරමින් පහුගිය දාක කියාසිටියේ මට නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ලැබෙන්නයි යන්නෙ කියන පණිවිඩය.

දීපිකා පදුකෝන් දෙවැනි වතාවටත් මව් විවරණ ලබන්නයි යන්නෙ.

  ප්‍රියංකා චොප්රා  කියාරා අද්වානි  වැනි තරු වගේම මිලියන ගණනක් ප්‍රේක්ෂකයනුත් දීපිකාට සුබ පතලා.

 

ඒත් වයස අවුරුදු 40දී දෙවැනි වරටත් මව් පදවියට සැරසෙන දීපිකා, නිළි  ජීවිතය අත්හරින්නනම්  කිසිසේත්ම සූදානම් නෑ. 


ඇය දැනටමත් අල්ලු අර්ජුන් සමග 'Raaka'  ෂාරුක් ඛාන් සමඟ  'King' යන දැවැන්ත සිනමාපටවල රූපගත කිරීම් අඛණ්ඩව සිදු කිරීමට තීරණය කරලා. විශේෂයෙන්ම 'Raaka' හි ක්‍රියාදාම ජවනිකා සඳහා දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ සහභාගී වීමට ඇය ගත් තීරණය කරලා .

ඇත්තටම කීවොත් ඇගේ ඒ තීරණයෙන් මුළු බොලිවුඩයම පුදුමවෙලා.

 

එහෙත්  තමාට දිනකට ලබා දිය හැක්කේ පැය අටක සේවා කාලයක් පමණක් බවත් ඒ නිසා එසේ සැලසුම් කරදෙන ලෙසත්  දීපිකා  කළ ඉල්ලීම නිෂ්පාදකයින් ප්‍රතික්ෂේප කරලස්.ඒ නිසාම පාඩුව නොබලම  ඇය අති දැවැන්ත චිත්‍රපට දෙකකින් ඉවත් වීමට තීරණය කරලා.


Spirit -සන්දීප් රෙඩ්ඩි වංගාගේ අධ්‍යක්ෂණයක්


Kalki 2898 AD 2

දීපිකාගෙ තීරණයත් එක්ක  කෝපයට පත්  සන්දීප් රෙඩ්ඩි ඇයට එරෙහිව ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කළා.

ඒත් බය නැති ගැහැනියක් වෙච්ච දීපිකා ඊට කදිම උත්තරයක් දුන්නා.

"පිරිමි නළුවන්ට ලැබෙන වරප්‍රසාද කාන්තාවන් ඉල්ලද්දී ඇයි මෙතරම් කලබල වන්නේ?"

එහෙම  ප්‍රශ්න කරමින් ඇය කියා සිටියේ තම කොන්දේසිවලට එකඟ නොවන කිසිවෙකු සමග වැඩ කිරීමට තමා බැඳී නැති බවයි.