
අපි දෙන්නා මුලින්ම හමුවුණේ හුඟාක් ප්‍රසිද්ධ හෝටලයකදී. චතුරංග කියන්නෙ ගොඩක් ඉවසන හරිම හොඳ මනුස්සයෙක් .. අපි දෙන්නා මුණගැහිලා ලොකු කාලයක් නැතිවුණත් අපිට අපිව හොඳින් තේරුම්ගන්න පුළුවන් . චතුරංග ගෘහමූලිකයා විදියටත්, මම බිරිඳ විදියටත් විවාහ වෙලා එක ගෙදරකට පදිචියට කිරි උතුරුවලා චාරිත්‍රානුකූලව යනවා ....
පතිනියක වී කුලගෙට යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී දුෂේනි මියුරංගි කියපු වචන.දුෂේනි සහ චතුරංග පෙම්වතුන් කියලා ඇත්තටම හුගාක් අය දැනගෙන හිටියෙ නෑ .සචින් ලියනගේ එක්ක තිබුණු ප්‍රේමය කැඩිලා දියාරුවෙලා ගියාට පස්සෙ දුෂේනි මියුරංගි කාලයක් කාටවත් පෙම්වතියක් නොවී තනියෙන්ම හිටියා.චතුරංග කොඩිතුවක්කු කියන්නෙත් දුෂේනි මියුරංගි වගේම මේ දවස්වල පුංචි තිරයේ Hit එකක්......
ඉතින් වටිනාම දේ තමා කාලයක් ගිහින් හරි හොද ම කෙනා හමුවීම ...
සෙවූ ආදරය සහ සෙවූ ජීවිතය හමුවීම ...
මොකද අවසාන අර්ථයෙන් මිනිස්සු සියල්ල කරන්නෙ සතුට වෙනුවෙන් .....
දුෂේනි
චතුරංග ඔය දෙන්නට ජීවිතයේ හමුවෙන ඊළඟ තත්ත්පර වෙනුවෙන් අපේ ආදරණීයම සුබ පැතුම්....



Trending News
Events
ජිප්සීස් ලොක්කාගෙ පුංචි මිණිපිරියට දැන් 2 යි
- 30-09-2026
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
තායි අහස යට ලියූ කවි මහවැලියේදී සහෘද තුරුලට
- 24-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
