මීදෙනිය වලව්වේ සුදු ආච්චි...........ඇයට හිමි ආදරණීයම ආමන්ත්‍රණය ඒක කියලා මට හිතෙන්නේ......ඉතින් 1927 අවුරුද්දේ මෙලොවට සපැමිණි ඇය අද තම ජීවන පුස්තකයේ සනිටුහන් කරන්නේ ඇගේ 99 වැනි උපන්දිනයයි.
ඇන්ටිගනීගේ චරිතයට හුස්මක් දෙමින් කොළඹ සරසවියේ ඉංග්‍රීසී නාට්‍ය වේදිකාව ඔස්සේ රංගනයේ මුල් අකුරු කියවූ ඇය සිංහල වේදිකාමය මුද්‍රාව සනිටුහන් කළේ අපට පුතේ මඟක් නැතේ කියන සිංහල වේදිකා නාට්‍යයෙන්.
එංගලන්තයේ බ්‍රිස්ටල් ඕල්ඩ්වික් තියටර් සහ රෝයල් ඇකඩමි ඔෆ් ඩ්‍රැමටික් ආර්ට් ආයතනවලින් රංගනය පිළිබඳ හැදෑරූ ඇය රේඛාවෙන් සිංහල සිනමාවේ තැබූ මතක අදටත් සුන්දරයි.
සම්මානනීය රංගවේදිනියක වූ ඇය සන්දේශය ,දෙලොවක් අතර ,රන්සළු ,බක්මහ දීගේ, සාගරයක් මැද ,පවන රළු විය වැනි සිනමා කාව්‍යයන් සේම දූ දරුවෝ,යශෝරාවය වැනි ටෙලිනාට්‍ය ඔස්සේද ප්‍රේක්ෂක හදවත් හි රැඳවූ මතක සුසුවඳ සදාතනිකය.
ඉතින්
ආදරණීය රංගවේදිණියේ
සොඳුරු සුදු ආත්තම්මේ
චිරං රක්ඛතු බෝ ආයු මැද
