රන්වලින් සක්වලට

  • 07-10-2026

Rhythm of Lanka

නර්තනය ,සංගීතය ,
ගායනය යන සෞන්දර්යාත්මක  ත්‍රී මූර්තියේ සුභාවිත සුභාෂිත සුලාලිත රස මාධුර්යය මෙතෙකැයි මෙපමණකැයි කෙසේ කියන්නද........
එය නිසැකයෙන්ම අසන සවනට දකින දෙනෙතට සිතන සිතුමට පවා මිහිරම උපද්දවාලයි.චමත්කාරය යනු සියලු සෞන්දර්යන්ගේ හරය එක්තැන් වූ තෝතැන්නක් වී නම් ඒ තෝතැන්න රස සාර අර්ථසාර අනේක අනන්ත භාවයන්ගෙන් පුරවන්නේද සෞන්දර්යාත්මකම හරයන් මිස අන් කවරක්ද ?

ඉතින් මේ වෑයම ලෝකයේ කොහේ හිටියත් ශ්‍රි ලාංකික උරුමය දෙවුර දරාගත් සිංහල ,දමිළ ,මුස්ලිම් දරුවන් නැටුම් ගැයුම් වැයුම් සුසංයෝජනය වූ එකම වේදිකාවකට කැඳවන්නටය.

ඒ කැඳවීම ඔස්සේ ශ්‍රි ලාංකික උරුමය ,අනන්‍යතාව ,
ඉතිහාසය ,මිත්‍රත්වය සහ ආදරය පිළිබඳ හැඟීම් යළි යළිඳු හද සන්තානයන්හි උපදින හෙටක් වෙනුවෙන් අද දවසක් නිර්මාණය කිරීමය.....

ඒ දරුවන් ලෝකය සොයා යන දිගු යාත්‍රාවේදී  අක් මුල් දැවටුණු ශ්‍රි ලාංකික පොළොවේ සුවඳ සුසුවඳ මනසින් විඳ මසැසින් දැක ප්‍රේමයෙන් බැඳුණු සිත්  යායෙන් යායට අස්වැද්දීමය.

රන්වල බලකායේ නොහිම් මෙහෙවරක් විලසින් සහන් රන්වල නියමුවාණන් ප්‍රමුඛ රන්වල සේනාව මේ සැරසෙන්නේ Rhythm of Lanka ඔස්සේ එහි සමාරම්භය සනිටුහන් කිරීමටය.

ඒ මෙලෙසින් ය.

The First step towards building a global Sri Lankan Family 

A grand cultural celebration created exclusively for Sri Lankan children living abroad, welcoming them back to their roots ,heritage ,and motherland.

19 th -20 th December 2026 Colombo ,Sri Lanka 
(18 th of December 2026 - orientation and prepration day )


Day 01 :18 th December 


Orientation & Preparation Day 

Nelum Pokuna Theater 
Program starts at 1.00 PM

Program Activities 

Introductory Session 
Full  program  guidelines & instructions 

Rehearsals

On -stage & off -stage practice sessions 

Stage familiarization


Group Introduction  Session 

The group introduction session will take place during dinner time 

Each group will be given three minutes to introduce themselves 

Colombo City Tour
Participants will visit :

Independence Square
Port City Colombo 
Nelum Kuluna Premises

Fellowship Dinner & Social Night 

Sharing experiences
Building Friendships 


Day 02 :19th December 


Rhythm of Lanka -Grand Cultural Show 

Nelum Pokuna Theater 

The Show Starts at 6:19 PM

Official Opening Ceremony 
A Tribute to Teachers 


Day 03 :20 th December 


Sri Lankan Social Day 

Temple Treas

Activities Include 

Tree  plantation project 
Networking sessions 
Cultural exchange activities 
Interactive discussions 
Fashion show by participants
Family cooking competition 
Individual performance 
Sing -along sessions 
And many more exciting activities 


Special Interactive Session 
Participants will meet and greet:

Renowned Sri Lankan artists 
Emerging young performance 
Sri Lankan cricket stars

Official Closing Ceremony 

දවස් තුනේ තත්ත්පර ගලාගෙන යන්නෙ ඒ විදිහට

ඉතින් සියල්ල අවසානයේ තවත් ලස්සනම සමාරම්භයක්.....ඒ සමාරම්භය කියන්නේ ප්‍රතිලාභ බොහෝමයක දිගහැරුමක්

The Deeper Purpose Of This Event

Global Unity - Uniting  second -generation Sri Lankans Worldwide as one global Family 

Bonding -Creating lasting ties with the motherland 

Responsibility -Inspiring support in times of need

Identity -Preserving national pride and identity 


ඉතින් මේ අපි ඔයාට කීවෙ ප්‍රතිලාභ බොහෝමයකින් කිහිපයක් විතරයි...නන්විධ දිශානතීන් ඔස්සේ විහිදී යන තවත් ප්‍රතිලාභ රැසක් Rhythm of Sr Lanka  ඔස්සේ ඔයාට තිළිණ වෙනවා....
ඒ වගේම ආදරය හා යා වුණු මේ සත්කාරය හා රාජ්‍ය හා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අත්වැල් බැඳගන්න ආයතන සහ  පිරිස බොහෝමැයි......


ඔයාට තව මොනවා හරි දැනගන්නම  ඕනෙමනම්
+94 773306680 ට හරි
+94 768866680ට කතා කරලා අහන්න

මට හිතෙන්නෙ ජීවිතය දැනෙන්නෙම ආදරය ඇති තැනක.....ඉතින් ආදරයේ ස්වරයෙන් තාල මවන මේ රංග භූමියට ලෝකයේ කොහේ කොතැනක හිටියත් තුටින් සපැමිණෙනු මැන......
දිනෙක ඔබට  හැරයන්නට සිදු වුණත් මේ ශ්‍රි ලාංකික මහ පොළොව ඔබේමයි.......

ඒ පොළොවේ රිද්මය නිවීසැනහිල්ලේ ගන්න හුස්මක් හා ඉතින් අපි විඳගමු .....

වෙන සුවඳක් නෑ සතර දිගන්තේ එක ලේවල ඇති සුවඳ තරම්.......