සිනමාව වෙනුවෙන් සායි කොණ්ඩය අත්හරියි

  • 19-11-2026

සායි පල්ලවී එයාගෙ අර දිග කොණ්ඩය කපලා...
සායි එහෙම කරලා තියෙන්නේ සිනමාව වෙනුවෙන් .....

ඒ ගැන බුකියේ කතා බහ මෙහෙමයි.......

මේක සායි පල්ලවීගේ මාසය වෙයි...

එක අතකින් රාමායනය ගාල කඩන් දුවනවා..ඒකේ සීතාත් ලොකු රෝල් එකක් කරනවා..ෆිල්ම් එක එන්න කලින් ට්‍රොල් කරපු අයම මේ තමා සීතාට නියම චොයිස් එක කියලා දැන් වර්ණනා කරනවා..

සායි පල්ලවී නැශනල් ක්‍රශ් එකක්ද නැද්ද කියලා නම් මන් දන්නේ නෑ.හැබයි ඉස්සර ඉදන් සායි මේන්ටේන් කරන හොද දේවල් ටිකක් තියෙනවා..ඒ ටිකට සායි පල්ලවීට හොද ෆෑන් බේස් එකක් ඉන්නවා..ඒ අයව සායි පල්ලවී කවදාවත් ඩිසපොයින්‍ට් කරන්නේ නම් නෑ..

අපි මුල් කාලේ දැකපු අහිංසක මලර් ටීචර් හොද නිලියක්,හොද නර්ථන ශිල්පිනියක් කියලා සායි තමන්ගේ ෆිල්ම් වලින් පෙන්නුවා..

අමරන් ටැමිල් ෆිල්ම් එක සාර්තක වෙන්න ලොකු බර සායි තමන්ගේ චරිතයෙන් අපිට දුන්නා..ඒ නිසා සායි පල්ලවී කියන විදියට රාජ්කුමාර් පෙරියසාමි(අමරන් ඩිරෙක්ටර්) ගැන එයාට ලොකු විශ්වාසයක් තියෙනවාලු..

මේ පාර දනුශ්,මම්මුට්ටි,නසුරුදීන් ශා වගේ විශාල නම් එක්ක හරි හරියට හැප්පෙන්න සායිට සිදු වෙලා තියෙනවා..

මම්මුකා ඕඩියෝ ලොන්ච් එකේදී මේම කියනවා..

O.M ෆිල්ම් එකේ වීරයෝ තුන්දෙනෙක් ඉන්නවා..

පළවෙනියා තමා ෆිල්ම් එකේ ප්ලොට් එක..
දෙවනියා ධනුශ්..
තුන්වෙනියා සායි පල්ලවී කියලා..

ඒ වගේම සායි පල්ලවීගේ ඇක්ශන් සීකුවන්ස් ටිකක් අපිට මේකේ බලාගන්නත් පුලුවන්..මොකද පල්ලවී මේ පාර කරන්නේ කාන්තා පොලිස් චරිතයක්..ට්‍රේලර් එකේ පෙන්වන විදියට ඇය ටිකක් රෞදයි..

ඒකේ පෙනුම ගන්න ඕන නිසා ඩිරෙක්ටර් කියනවා ඔයාගේ කොණ්ඩේ කැපුවොත් තමා ඒ ගතිය නියමෙට පේන්නේ කියලා..පල්ලවී දෙපාරක් නොහිතා ඇයගෙව් කොණ්ඩය කොටටම කපනවා..

කිසිම පෙරදැනුම් දීමකින් තොරව කරපු මේ වැඩෙ නිසා පල්ලවීගේ අම්මානම් කතා නොකර තරහා පවා උනා කියලා තමා ඇය කියන්නේ

එතකොට මේ සිකුරාද ඉදන් ඔයාලට ආයෙත් පල්ලවීව බිග් ස්ක්‍රීන් එකේ වෙනස්ම ආකාරයකින් බලාගන්න පුලුවන්.