හොඳම තාත්තා ගැන උමා කියයි

  • 05-08-2026

උමා අසේනි කියන්නේ නිළයක් කියන රාමුවට විතරක් ලඝු කරන්න පුළුවන් ගැහැනියක් නෙවෙයි .ඇය ලස්සන කවි හිතක් තියෙන කිවිඳියක්.ඒ වගේම හිතට දැනෙන ගී ලියූ ගී පද ලියන්නියක්.

පෙරවදනක් වී මගේ කතාවට කියන්නේ උමා ලියූ මම ආසම ගීතයයි.

දවසක් උමා කීවා එයා එයාගේ ජීවිතයේ වැඩියෙන්ම ආදරය කරන සහ එයාට කවදාවත් ජීවිතයෙන් අත් හරින්න බැරි දේවල් තුනක් තියෙනවා කියලා.

එකක් සොබාදහම සහ සතුන්ට ඇති ආදරය
අනෙක් එක කලාව
ඊළඟ වටිනාම දේ එයාගෙ තාත්තා ....
තාත්තා කියන්නේ මගේ හොඳම පෙම්වතා සහ හැමදාමත් මගේ ලෝකය මට නිදහසේ කියවන්න දුන්න වීරයා ....
උමා කීවේ එහෙමයි.....

මේ උමාගෙ තාත්තා නෙවෙයි ....
ඒත් මේ තාත්තා ගැන උමා තබපු සටහන හරි සංවේදී යි......

"කැමරාව ඉදිරිපිට මට මෙතෙක් හොඳටම දැනුන 'තාත්තා'  Sarath Kothalawala රැකියාවට හුරු විදිහට අයියේ කියන්නද, හදවතට දැනෙන විදිහට තාත්තේ කියන්නද කියලා නොතේරුණත්, නිහඬවම මගේ අභ්‍යන්තරය තේරුම් ගත්තටත්, නිර්මාණය පුරාවටම ලබා දුන් සහයෝගයටත් ස්තුතියි කියන වචනය හොඳටම මදි. මං හරි ආදරෙයි "

ජීවිතය දැනෙන්නෙම ආදරය ඇති තැනක ............