“රෂ්” දැන් තිරගතවේ


උද්දික ප්‍රේමරත්න ප්‍රධාන චරිතයට පණ පොවන මහේෂ් මුණසිංහගේ නවතම සිනමා නිර්මාණය “රෂ්” පසුගිය (15) සිට දිවයින පුරා සිනමාශාලාවල ප්‍රදර්ශනයට නියමිත යි.

අසන්කි ද සිල්වා, සාරංග දිසාසේකර, සනත් ගුණතිලක, ලකී ඩයස්, අනුලා කරුණාතිලක, ජනිත් වික්‍රමගේ, හර්ෂ තෙන්නකෝන්, ජනිත් ඉරෝෂන්, යුරේනි නොෂිකා, අජිත් වීරසිංහ, සුජීව ඩයස්, ශ්‍රීමාලි ෆොන්සේකා, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, ඔස්ටින් සමරවික්‍රම, රුවි ලක්මාලි, ටෙක්ලා කුමුදු කුමාරි, ප්‍රේම පතිරාජ, මයික් ෆර්නැන්ඩු, පෝෂිනී දිසානායක, දුමින්ද දන්තනාරායන, නුවන් කළුආරච්චි, ශෂී ඇන්ජලිනා ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් මෙම සිනමාපටයේ සෙසු චරිත සඳහා රංගන දායකත්වය සපයා තිබේ.

කැලුම් කුලරත්න තිර රචනයකට අනුව නිර්මාණය වුණු “රෂ්” හි කැමරා අධ්‍යක්ෂණය රංගන එස්. බණ්ඩාර, සහාය අධ්‍යක්ෂණය ඩොනල්ඩ් ජයන්ත, දෙවැනි සහාය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න, තෙවැනි සහාය අධ්‍යක්ෂණය ඉශාන් රන්දිව් බණ්ඩාර, දෙබස් අමිල තේනුවර, සංස්කරණය රොෂාන් එඩ්වඩ්, දෘශ්‍ය ප්‍රයෝග රෝෂන දෙල්වල, වර්ණගැන්වීම් මාලක වීරක්කොඩි, සංගීතය එරංග ජයවර්ධන, ශබ්ද සැකසුම් සසික රුවන් මාරසිංහ, පද රචනය නිලාර් එන්. කාසිම් සහ කැලුම් ශ්‍රීමාල්, නිෂ්පාදන කළමනාකරණය සංක බණ්ඩාර සහ එරන්ද දේවනාරායන, සහාය නිෂ්පාදන කළමනාකරණය චානක සුබෝධ සහ චතුර දේශාන්, කලා අධ්‍යක්ෂණය මංජුල අයගම, සටන් අධ්‍යක්ෂ සමන් බණ්ඩාර, ඇඳුම් නිර්මාණ ජනක උල්ලඳුපිටිය, වේශ නිරූපනය ප්‍රියන්ත දිසානායක, කොණ්ඩා සැකසුම් රවී රූපසිංහ, නර්තන නිර්මාණ KG Twins, ගුවන් කැමරා අධ්‍යක්ෂණය අනුෂ්ක ලක්මාල්, ඡායාරුපකරණය සන්දේශ් බණ්ඩාර සහ භාග්‍ය දිසානායක, ප්‍රචාරක සහකරු Niks Integrated, මහජන සබඳතා කළමනාකරණය දුලංජලි ගලහිටියාව, ඩිජිටල් සහ ප්‍රවර්ධනය එම්. හමීස් , නිෂ්පාදනය For CW Image Factory වෙනුවෙන් වසන්ත විජේන්ද්‍ර, සම නිෂ්පාදනය RUM Motion Pictures විසින් සිදු කර තිබේ.