‘Spider-Man Into the Spider-Verse’ Colombo City Centerහි ස්කෝප් සිනමා ශාලාවේදී


ත්‍රිමාණ සජීවීකරණ තාක්ෂණයෙන් නිෂ්පාදිත චිත්‍රපටයක් වන ‘Spider-Man Into the Spider-Verse’ චිත්‍රපටය වන දෙසැම්බර් 14 වැනිදා සිට Colombo City Centerහි ස්කෝප් සිනමා ශාලාවේදී නවීන Dolby Atmos ශබ්ද තරංග සමග නැරඹිය හැකිය.

Spider-Man Into the Spider-Verse’ Columbia Pictures / Sony Pictures Animation/ Marvel Entertainment ආයතනය සම්බන්ධ වී නිෂ්පාදනය කර Sony Pictures ආයතනය මගින් ලොව වටා බෙදාහරින චිත්‍රපටයකි. සුපිරි වීර චරිත පාදක කර ගනිමින් කුඩා අවදියේ පටන්ම ඉතා දක්ෂ හා ක්‍රියාශීලී ගතිපැවතුම්වලින් පරිපූර්ණ වූ තරුණයෙකු වන Miles Morales හට හදිසියේම උමං මාර්ගයක් ඇතුළතදී විකිරණශීලී මකුළු විශේෂයකගේ දෂ්ඨ කිරීමක් හේතුවෙන් විශිෂ්ඨ අද්භූත බලයන් ඔහුට හිමිවේ. ඉන් පසු කාලයත් සමගම තම හැකියාවන් හඳුනා ගනිමින් බලයන් නිසි ආකාරව භාවිත කිරීමට හුරු වෙමින් එකම මකුළු මිනිසා බවට පත්වෙයි.

නමුත් ඔහුට පීටර් පාකර් (Spider Man) හමුවීමත් සමග සමාන්තර විශ්වයන් තුළ තමා මෙන්ම බලයන් සහිත තවත් පුද්ගලයන් සිටින බව වටහා ගනී. එහිදී හමුවන අනෙකුත් අය මෙන්ම අඳුරු බලවේගවලින් තම ලෝකයට සිදුවීමට යන විනාශය වළක්වා ගැනීමේ අභියෝගයට මයිල්ස් මුහුණ දෙයි.

ශමීක් මුවර්, හේ(යි)ලී ස්ටෙ(යි)න්ෆීල්ඩ්, මාර්ෂා(ලා) අලී, ජේක් ජොන්සන්, ලීව් ශ්‍රයිබර්, බ්‍රියන් ටයිරි හෙන්රි යන අය හඬකැවීමෙන් දායක වෙයි.