‘Queen’ නම් වූ ජනප්‍රිය බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමක් හා එහි ප්‍රධාන රොක් ගායකයෙකු වටා ගෙතෙන ‘Bohemian Rhapsody’ චිත්‍රපටය ‘කොලොම්බෝ සිටි සෙන්ටර්’හි ‘ස්කෝප්’ සිනමා සංකීර්ණයේ ප්‍ර‘දර්ශනය කෙරේ. ‘Freddie Mercury’ නම් අතිදක්ෂ හා ඉතාම ජනප්‍රිය රොක් ගායකයෙකු මූලික කරගනිමින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර තිබේ.
Freddie මූලිකත්වයෙන් තම සගයන් හා එක්ව ‘Queen’ සංගීත කණ්ඩායම එවකට ලෝකයේ ඉහළම ස්ථානයක් හිමිකරගනිමින් සිටියදී අවාසනාවකට මෙන් Freddie දරුණු ‘Aids’ රෝගයෙන් පසුවන බව අනාවරණය වේ. ඒත් සමගම ඇතිවන ‘Queen’ සංගීත කණ්ඩායමේ ඉදිරිගමන හුවා දැක්වීම මෙම චිත්‍රපටයේ අන්තර්ගතය වේ.
බ්‍රයන් සිගර් විසින් අධ්‍යක්ෂණය කළ මෙම සිනමා නිර්මාණය සඳහා රාමි සයිඩ් මලික්, ලුසී බොයින්ටන්, (ග්)විලියම් ලී, බෙන් හාර්ඩි, ජෝෂප් මැසෙලෝ ආදීහු රංගනයෙන් දායක වෙති.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
