'ආදරෙයි මං' දැන් තිරගත වෙයි

  • 26-01-2018
  • Views 2421

රංගන ශිල්පියෙකු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු හා තිර රචනා ශිල්පියෙකු වන ප්‍රගීත් රත්නායක ලියා අධ්‍යක්ෂණය කළ කුළුඳුල් සිනමා නිර්මාණය ‘ආදරෙයි මං’ සිනමාපටයේ මංගල දර්ශනය පසුගියදා කොළඹ රීගල් සිනමා ශාලාවේදී තිරගතවීම ඇරඹීය.

මෙහි ප්‍රගීත් එස් රත්නායක, චතුරිකා පීරිස්, රොබින් ප්‍රනාන්දු, නීල් අලස්, චමිලා පීරිස්, බුද්ධික ඉදුරුගල්ල ඇතුළු නළු නිළියන් රැසක් චරිත නිරූපණය කරති.

‘ආදරෙයි මං’ සිංහල චිත්‍රපටය රීගල් ප්‍රමුඛ CEL හා රිත්මා මණ්ඩලයේ සිනමා ශාලා වල තිරගත වේ.