කොළඹ සන්නිය පිළිබඳව මේ දිනවල නැවතත් සමාජ මාධ්‍ය හරහා කතාබහට ලක් වෙලා තියෙනවා. ඒ තමයි කොළඹ සන්නිය Returns නමින් නැවත සිනමා නිර්මාණයක් බිහි වීමයි. මේ නව චිත්‍රපටයේ පිටපත් රචනය සහ අධ්‍යක්ෂණය හර්ෂ උඩකන්දගෙන්. චිත්‍රපටය නිෂ්පාදනය සඳහා සහන අබේවර්ධන, ෂමාල් ඩිල්ෂාන්, දිනිත් කොර්නෙට් දායකවී තිබෙනවා. චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය ජනිත් ගුනසේකරගෙන්. ගයාන් උඩවත්ත සංගීත නිර්මාණයෙන් සම්බන්ධ වනවා. සරත් කොතලාවල, සැනට් දික්කුඹුර, රජිත හිරාන්, මේනකා මධුවන්ති, කුමුදුනි අධිකාරි, රොහාන් විජේසිංහ, රසිකා නිමාලි ඇතුළු පිරිසක් මේ චිත්‍රපටයට රංගන දායකත්වය සපයනවා.
සැප්තැම්බර් 21 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී “කොළඹ සන්නිය Returns” නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වනවා.
Trending News
Events
වයිෆ් ට 50 යි
- 08-04-2026
ඉන්දියානු රස වෑහුණු -පරම්පරා
- 31-03-2026
ඉන්දියාවේ ඉලෙයිරාජා සිංහල සිනමාවට එක්වෙයි
- 30-03-2026
