M Entertainment ඉදිරිපත් කරන නවතම චිත්‍රපටය ‘තාල’ දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශනය කෙරේ. තාල චිත්‍රපටයට තේමාව වී ඇත්තේ, වනඅලි තර්ජනවලින් පීඩා විඳින දුෂ්කර ගම්මානයක පාසලක දරු පිරිසක් හා එම පාසලට පැමිණෙන තරුණ ගුරුවරයෙකු වටා ගෙතුණු අපූරු කතා පුවතකි.
පවතින අධ්‍යාපන ක්‍රමයට අභියෝග කරන මෙම තරුණ ගුරුවරුයා වඩාත් ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයක් තුළින් දරුවන්ට ඉගැන්වීමට උත්සාහ දරණ ඔහුට එල්ල වන අභියෝගයන් මැනවින් චිත්‍රණය කිරීමට තාල සිනමා සිත්තමට හැකිව තිබේ.
පාලිත පෙරේරාගේ අධ්‍යක්ෂණයක් වන තාල නිලාන් වීරසිංහගේ නිෂ්පාදනයකි.
හේමාල් රණසිංහ, ජයලත් මනෝරත්න, කෞෂල්‍යා ප්‍රනාන්දු, චමිලා පීරිස්, ගිරිරාජ් කෞශල්‍ය, චාන්දනී සෙනවිරත්න ඇතුළු රංගන ශිල්පින් රැසක් ඊට රංගන දායකත්වය ලබා දෙනු ඇත.
Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
